Last Update  :  2025-04-22 20:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිසරු - ජෙහාන් අරාබි පිල වනසති

තිසරු - ජෙහාන් අරාබි පිල වනසති

Nisanka Sandeepani - 2017 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වමතින් වේග පන්දුයවන තිසරු රශ්මික (17/4) සහ ජෙහාන් ඩැනියල්ගේ (14/3) විශිෂ්ට පන්දුයැවීම හමුවේ වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ක්වාලාලම්පූර්හිදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට ශ්‍රී ලංකාව සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 67 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 16 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත් වූහ.


ආරම්භත පිතිකරුවන්වූ හසිත බෝයගොඩ (3) සහ ධනංජය ලක්ෂාන් (11) ලකුණ 16 ක් වනවිටදි පිටියෙන් ඉවත් කිරීමට ශාහ් ෆයිසාල් ඛාන් සමත්විය. කමිඳු මෙන්ඩිස් සමගින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 26 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ක්‍රිශාන් ආරච්චිගේ ලකුණු 15 කට දැවී ගියේය.

සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 26 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක කමිඳු මෙන්ඩිස් සහ නිපුන් ධනංජය තරගයේ ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ. කමිඳු මෙන්ඩිස් පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කළ අතර නිපුන් ධනංජය පන්දු 20 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 11 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබී එමීර් රාජ්‍යය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර 22 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 66 ක් පමණි. එක්සත් අරාබී එමීර් රාජ්‍යය කණ්ඩායමේ නායක ෆහඞ් නවාස් පළමු පන්දුවෙන්ම දවාගනිමින් කඩුලු දඩයම් කිරීම ඇරඹු තිසරු රශ්මික ඕවර 3.2 කදී කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

ලකුණු 16 කට කඩුලු 5 ක් දැවී තිබියදී කඩාවැටුණු එක්සත් අරාබී එමීර් රාජ්‍යය ඉනිම ගොඩනැගීමට සයිඞ් හේදර් සහ රිතික් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 22 ක සම්බන්ධතාවයක් ගොඩනැගූවද ජෙහාන් ඩැනියල් ඊට හරස් වෙමින් ලකුණු 11 ක් ලබාසිටි රිතික් දවාගැනීමට සමත්විය.

රිතික් දැවීගිය පන්දුවට පසු පන්දුවේදී ලකුණු 16 ක් ලබාසිටි සයිඞ් හේදර් දවාගත් ජෙහාන් ඩැනියල් එක්සත් අරාබී එමීර් රාජ්‍යය ඉනිමට තවත් ලකුණු 8 ක් එක්වන විටදී අටවැනි කඩුල්ල ලෙස රාහුල් නීලේෂ් දවාගත්තේය. අවසන් කඩුලු දෙකට ලකුණු 20 ක් එක් කිරීමට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අවසන් පිතිකරුවෝ සමත්වූහ.

ඕවර 8 ක් යැවූ තිසරු රශ්මික නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගත් අතර ජෙහාන් ඩැනියල් ඕවර 6 කදී එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත්තේය.

 

එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඕවර 22 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(තිසරු රශ්මික 17/4, ජෙහාන් ඩැනියල් 14/3, ප්‍රවීන් ජයවික්‍රම 13/2)

ශ්‍රී ලංකාව - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 68
(කමිඳු මෙන්ඩිස් නොදැවී 27, ශාහ් ෆයිසාල් ඛාන් 30/2)

(ඡායාරූප -  ආසියානු ක්‍රිකට් සභාවේ නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

තිසරු - ජෙහාන් අරාබි පිල වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.