Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සහ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම අතර චිතගොංග්හිදී ඊයේ (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් රයිඩර්ස් පිතිකරුවෝ කඩුලු 7 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා රාංපූර් කණ්ඩායමට අවසන් පන්දුවේදී ලකුණු 4 ක් රැස්කිරීමට සිදුවූ අතර ටස්කින් අහමඞ් යැවූ එම පන්දුවට හයේ පහරක් ගැසූ තිසර පෙරේරා, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 14 කට මුහුණදුන් තිසර පෙරේරා එහිදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 28 ක් රැස්කළේය.
වේගවත් පිතිහරඹයක නිතර වූ නායක මෂ්රෆී මොටාසා පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළ අතර ක්‍රිස් ගෙල් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 25 කදී වාර්තා වූ ගේල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ස්ටේන් වැන් සිල් පන්දු 40 කදී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. සිකන්දර් රාසා (22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වැන් සිල් සමත් විය.
සෞම්‍ය සාකර් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද, නජිබුල්ලා සද්රාන් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් චිතගොංග් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී ලසිත් මාලිංග සහ තිසර පෙරේරා රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176
(සෞම්‍ය සාකර් 30, ස්ටේන් වැන් සිල් 68, සකන්දර් රාසා 22, නජිබුල්ලා සද්රාන් 25)
චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 180
(බ්‍රෙන්ඩන් මැකලම් 15, ක්‍රිස් ගේල් 33, මෂ්රෆී මොටාසා 42, මොහොමඞ් මිතුන් 44, තිසර පෙරේරා නොදැවී 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.