Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිරිමට ශ්‍රී ලංකවේ තිසර පෙරේරාට අවස්ථාව ලැබි ඇත. මෙම තරගය සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ඉර්මා සහ මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කැරබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවතත් යථා තත්වයට පත් කිරිමයි.
“පසුගිය වසරේ ලාහෝර්හීදි, පාකිස්තානයට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමෙන් අනතුරුව දෙවන වතාවටද ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මට වරප්‍රසාද ලැබී තිබෙනවා. මා ඉදිරි මාසයේදී පවත්වන්නට යෙදෙන තරගය දෙස බලන්නේ මහත් උනන්දුවෙන්. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සමග උරින් උර ගැටීමට ලැබීම දුර්ලභ අවස්තාවක් සේම ඔවුන් සමග ක්‍රීඩා කිරීම මාගේ වෘත්තිමය තත්ත්වය වඩාත් ඉහළ තලයකට ගෙන යනු ඇති” යයි ලෝක කණ්ඩායමට තෝරා ගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් තිසර පෙරේරා කියා සිටියේය.
“මට ලබාදුන් අවස්ථාව පිළිබඳ මම ඉතාමත් සතුටට පත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ නැවත ගොඩ නැගීම සඳහා ක්‍රීඩකයන් එකතු වී සිටීම සතුටට කරුණක්. බටහිර ඉන්දීය කොදෙව් වසර ගණනාවක් පුරා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දායකත්වය සපයා තිබෙනවා. අතර අපේ පරම්පරාවේ සියලුම ක්‍රීඩකයන්ගෙන් සහයෝගය සපයා දීම කළ යුතුය.”
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.