Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27 වැනිදා) නිමාවන විට පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 190 කට සීමා කිරීමට ඩුඈන් ඔලිවර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 148 ක ඉලක්කයක් හිමිවන අතර එම ඉලක්කය සපුරාගැනීම සඳහා ඔවුන්ට කඩුලු 10 ක් සහ දින දෙකක් ඉතිරිව තිබේ.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ශාන් මක්සූද් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් (57) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මක්සූද් සමත් විය.
පළමු ඉනිමේදී ලකුණු 37 කට කඩුලු 6 ක් දවාගත් ඩුඈන් ඔලිවර්, දෙවැනි ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 59 කට කඩුලු 5 ක් බිඳහෙළීය. එහිදී කගිසෝ රබාඩා කඩුලු 3 ක්ද, ඬේල් ස්ටේන් කඩුලු 2 ක්ද දවාගනිමින් පාකිස්තාන දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔලිවර්ට අනගි සහායක් දුන්හ.
දෙවැනි දිනය වූ පෙරේදා (26 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 96 ක් එක්කර ගැනීමට සමත් වූහ.
එහිදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට ටෙම්බා බවුමා සමත් වූ අතර ක්වින්ටින් ඩි’කොක් හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් ලබා සිටියදී මොහොමඞ් අමීර්ගේ පන්දුවක් හමුවේ අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 181
(ශාන් මක්සූද් 19, අසාර් අලී 36, බාබර් අසාම් 71, හසන් අලී නොදැවී 21, ඩුඈන් ඔලිවර් 37/6, කගිසෝ රබාඩා 59/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 223
(ඩීන් එල්ගා 22, තියුනිස් ඩි’බ්‍රයන් 29, ටෙම්බා බවුමා 53, ඬේල් ස්ටේන් 23, ක්වින්ටින් ඩි’කොක් 45, මොහොමඞ් අමීර් 62/4, ශහීන් අෆ්රිඩි 64/4, හසන් අලී 70/2)
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 181
(ඉමාම් උල් හක් 57, ශාන් මක්සූද් 65, ඩුඈන් ඔලිවර් 59/5, කගිසෝ රබාඩා 47/3, ඬේල් ස්ටේන් 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.