Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතයට තවමත් විස්සයි20 වරම් දිනා නොමැති ක්‍රීඩකයන් වන ඒඞ්න් මාක්‍රම්, ඇන්රිච් නොට්ජේ සහ සින්තෙම්බා ක්වේශිල් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙම තරගාවලියේ පළමු තරගය අද (19 වැනිදා) කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස්හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 22 වැනිදා සෙන්චූරියන්හිදීද, තුන්වැනි තරගය 24 වැනිදා ජොහැන්නස්බර්ග්හිදීද පැවැත්වීමට නියමිතය.
එහිදී ඒඞ්න් මාක්‍රම් සහ ඇන්රිච් නොට්ජේ විස්සයි20 තරග 3 සඳහාම නම් කර ඇති අතර විසි හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක සින්තෙම්බා ක්වේශිල් නම් කර ඇත්තේ දෙවැනි සහ තෙවැනි තරග සඳහා පමණි.
නායක ෆෆ් ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, ඉම්රාන් තාහීර්, කගිසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි යන ක්‍රීඩකයෝ අද පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා පමණක් ක්‍රීඩා කරති.
දෙවැනි සහ තෙවැනි තරගවලදී ඔවුන් වෙනුවට ක්‍රිස් මොරිස් සහ ලුතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු සංචිතයට එක්වනු ඇත. අවසන් තරග දෙකට ඩුප්ලෙසි සහභාගි නොවීම නිසා එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී. ඩුමිනිට පැවරී තිබේ.
පළමු විස්සයි20 තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩුප්ලෙසි (නායක), ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී. ඩුමිනි, රීසා හෙන්ඩි්‍රක්ස්, ඉම්රාන් තාහිර්, ඒන්ඞ් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, ලුංගි න්ගිඩි, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රෙටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්සි, ඬේස් ස්ටේන් සහ රාසි වැන්ඩර් ඩුසේන්
දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරගය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය
ජේ.පී. ඩුමිනි, රීසා හෙන්ඩි්‍රක්ස්, ඒන්ඞ් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, ක්‍රිස් මොරිස්, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රෙටෝරියස්, සින්තෙම්බා ක්වේශිල්, තබ්‍රේස් ශම්සි, ලුතෝ සිපම්ලා, ඬේස් ස්ටේන් සහ රාසි වැන්ඩර් ඩුසේන්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.