Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 492 ක ඉලක්කයක් හඹායමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 117 ක් ලබා අසීරු තත්ත්වයකට මුහුණ පා සිටියේය.
ඒ අනුව එංගලන්තයට වඩා ලකුණු 375 ක් පසුපසින් සිටින දකුණු අප්‍රිකාව, තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට නම් තරගයේ අවසන් දිනය වන හෙට (31 වැනිදා) දිනයේදී ඉතිරි කඩුලු 6 ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදිය යුතුය.
දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි ඩීන් එල්ගා ලකුණු 72 ක්ද, ටෙම්බා බවුමා ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. අද දිනයේදී සිය 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ඩීන් එල්ගා, එය හතරේ පහර 11 කින් අලංකාර කළේය.
ලකුණු 11 ක් ලබා සිටි හෙයිනෝ කූන්ගේ කඩුල්ල බිඳ දැමූ ස්ටුවට් බ්‍රෝඞ් දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත් කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 47 ක් වන විට හෂීම් අම්ලාගේ ඉනිම ලකුණු 5 කට සීමා කිරීමට රෝලන්ඞ් ජෝන්ස් සමත් වීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ලද බිඳ වැටිණ.
දකුණු අප්‍රිකානු ඉනිමේ 17 වැනි ඕවරය යැවූ බෙන් ස්ටොක්ස් එහි පස්වැනි සහ හයවැනි පන්දු වලදී තෙවැනි සහ සිවුවැනි කඩුලු ලෙස ක්වින්ටින් ඩි’ කොක් (05) සහ නායක ෆෆ් ඩුප්ලෙසි (00) පිටියෙන් ඉවත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩයම අසීරු අඩියකට ඇද දැමුවේය.
තේ පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි වෙනුවෙන් කඩුලු 8 ක් දැවී 313 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
දිවා ආහාරයෙන් අනතුරුව පන්දුවට පහරදීමේ වේගය තරමක් වැඩි කළ එංගලන්ත ක්‍රීඩකයෝ එතැන් සිට තේ පානය සඳහා තරගය නතර කරන තෙක් කාලය තුළ ලකුණු 160 ක් රැස්කිරීමට සමත් වූහ. එහිදී ඔවුන්ට අහිමි වූ කඩුලු සංඛ්‍යාව 6 කි.
ටොම් වෙස්ට්ලි (59) සහ නායක ජෝ රූට් (50) එක්ව එංගලන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 78 ක සම්බන්ධතාව බිඳ දමමින් ටොම් වෙස්ට්ලි දවාගැනීමට කේෂව් මහරාජ් සමත් විය.
මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කුක්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් වෙස්ට්ලි පිටියෙන් ඉවත්ව ගියේය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින ටොම් වෙස්ලි එහිදී ඔහුගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 11 ක් සමගිනි.
වෙස්ට්ලිගේ දැවී යෑමෙන් අනතුරුව එංගලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 10 ක් එක්වන විට ජෝ රූට්ද අපසු ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවූයේ මහරාජ්ගේ පන්දුවක් හමුවේ මෝනි මෝකල් අතට උඩ පන්දුවක් දීම නිසාය. රූට්ගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
එංගලන්ත ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 63 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. තේ පානය සඳහා තරගය නරත කිරීමට එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කගිසෝ රබාඩා අතට උඩ පන්දුවක් දෙමින් බෙයාස්ට්‍රෝ දැවී ගියේ කේෂව් මහරාජ්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමිනි.
එංගලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 353
(ඇලිස්ටෙයාර් කුක් 88, ටොම් වෙස්ට්ලි 25, ජෝ රූට් 29, බෙන් ස්ටොක්ස් 112, ජොනී බෙයාස්ට්‍රෝ 36, මුයින් අලී 16, රෝලන්ඞ් ජෝන්ස් 25, මෝනි මෝකල් 70/3, වර්නන් පිලැන්දර් 32/2, කගිසෝ රබාඩා 85/2)
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම සියලු දෙනා දැවී 175
(හෙයිනෝ කූන් 15, ක්වින්ටින් ඩි’කුක් 17, ටෙම්බා බවුමා 52, කගිසෝ රබාඩා 30, රෝලන්ඞ් ජෝන්ස් 57/5, ජේම්ස් ඇන්ඩසන් 25/3)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 313
(කීටන් ජෙනින්ස් 48, ටොම් වෙස්ට්ලි 59, ජෝ රූට් 50, බෙන් ස්ටොක්ස් 31, ජොනී බොයාර්ස්ට්‍රෝ 63, රෝලන්ඞ් ජෝන්ස් නොදැවී 23, කේෂව් මහරාජ් 50/3, ක්‍රිස් මොරිස් 70/2)
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 117
(ඩීන් එල්ගා නොදැවී 72, ටෙම්බා බවුමා 16, බෙන් ස්ටොක්ස් 29/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.