Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකානුවෝ 3-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

දකුණු අප්‍රිකානුවෝ 3-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 492 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකාව, දෙරට අතර පැවැති තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 612 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 119 ක් පමණි. එහිදී ඕස්ට්‍රේලියානු  පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ ජෝ බර්න්ස් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. 

සිවුවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 88 කට කඩුලු 3 ක් දැවී අසීරු තත්ත්වයකට මුහුණ පා සිටි ඕස්ට්‍රේලියානු  කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 31 ක් පමණි. අද දිනයේදී බිඳවැටුණ කඩුලු 7 න් 6 කටම හිමිකම් කීමට වර්නන් පිලැන්දර් සමත් වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 21 ක් පමණක් ලබාදෙමිනි. 

පීටර් හෑන්ඞ්න්ස්කොම්බ් (24), ෂෝන් මාර්ෂ් (7), මිචෙල් මාර්ෂ් (0), ටිම් පේන් (7), පැට් කමින්ස් (1) සහ චාඞ් සේයර්ස් (0), පිලැන්දර්ගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවෝ වූහ. නේදන් ලයන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඒඞ්න් මාක්‍රම් සමත් වීමත් සමග ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම නිමාවට පත් විය. 

දකුණු අප්‍රිකා පළමු ඉනිම - සියලු දෙනා දැවී 488

ඕස්ට්‍රේලියා පළමු ඉනිම - සියලු දෙනා දැවී 221

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 344

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 119 
(ජෝ බර්න්ස් 42, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 24, වර්නන් පිලැන්දර් 21/6, මෝනි මෝකල් 28/2) 

 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ 3-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.