Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය තෙවැනි දිනයට අද (1 වැනිදා) අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස්කර සිටියේය.
මහනුවර කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 116 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායම මේ වනවිට ලකුණු 279 ක් ඉදිරියෙන් පසුවන්නේය.
අටවැනි කඩුල්ල සදහා ලකුණු 42 ක සම්බන්ධයක් ගොඩනැගූ මිලින්ද සිරිවර්ධන ලකුණු 30 ක් සහ සචිත්‍ර සේනානායක ලකුණු 23 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
කසුන් රාජිත සහ ළහිරු කුමාර කඩුලු 3 බැගින් දවාගනිමින් දඹුල්ල පිතිකරුවන්ට තර්ජනයක් ඇති කිරීමට සමත්වූහ.
ඊයේ තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 232 ක් රැස්කරමින් ඉතා ප්‍රභල තත්ත්වයක සිටි මහනුවර කණ්ඩායමට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 364 ක් පමණි. මහනුවර කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 46 ක් තුළ දැවීයාම කැපී පෙණුනි.
සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ ප්‍රියමාල් පෙරේරා සමත් වුවද පසුපෙළ පිතිකරුවන් නිසියාකාරව තම රාජකාරීය ඉටුනොකිරීම හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියහ.
පන්දු 154 කට මුහුණදුන් නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 10 ක් සමගින් ලකුණු 112 ක් රැස්කළ අතර ප්‍රියමාල් පෙරේරා පන්දු 118 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළේය.
ලකුණු 71 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ළහිරු ගමගේ සමත්විය.
දඹුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 109.4 කදී සියලුදෙනා දැවී ලකුණු 480
(දිමුත් කරුණාරත්න 71, අශාන් ප්‍රියංජන් 156, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉශාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, කසුන් රාජිත 89/3, ළහිරු කුමාර 105/3, චාමික කරුණාරත්න 80/2)
මහනුවර කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 104.2 කදී සියලුදෙනා දැවී ලකුණු 364
(මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල 112, ප්‍රියමාල් පෙරේරා 62, ළහිරු ගමගේ 71/5, සචිත්‍ර සේරසිංහ 39/2)
දඹුල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 163
(දිමුත් කරුණාරත්න 40, සචිත්‍ර සේරසිංහ 37, මිලින්ද සිරිවර්ධන නොදැවී 30, සචිත්‍ර සේනානායක නොදැවී 23, කසුන් රාජිත 25/3, ළහිරු කුමාර 49/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.