Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඹුල්ල - මහනුවර තරගය විසඳුමකින් තොරයි

දඹුල්ල - මහනුවර තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැති තරගය අද (2 වැනිදා) විසඳුමකින් තොරව නිමාවට පත්විය.

ජයග්‍රහණ සඳහා ලකුණු 373 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ තරගය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 221 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 151 ක් පසුපසින් සිටියහ. ඒ වන විට ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ලකුණු 103 ක්ද, නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 56 ක්ද බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී ලකුණු 3 කින් ශතකය අහිමිකරගත් උඩවත්ත, දෙවැනි ඉනිමේදී පන්දු 137 කින් ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 11 ක්ද සමගිනි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 75.18 ක් ලෙස සටහන් විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් දික්වැල්ල, දෙවැනි ඉනිමේදී හතරේ පහර 3 ක් සමග අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔවුන් දෙදෙනා එක්ව මහනුවර කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 127 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 26 ක් වන විට මහනුවර දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස තරංග පරණවිතාන පිටියෙන් ඉවත් කිරීමට ඉෂාන් ජයරත්න සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පරණවිතාන ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. ලකුණු 30 ක් ලබා සිටි චරිත් අසලංක දැවී ගියේ ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සරත්චන්ද්‍රගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 163 ලබා සිටි දඹුල්ල කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට මිලින්ද සිරිවර්ධන (71) සහ සචිත්‍ර සේනානායක (60) සමත් වූහ. ලකුණු 121 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔවුන් දෙදෙනා දඹුල්ල දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාව කරා රැගෙන ගියහ.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද සමග පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි සචිත්‍ර, ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩපන්දුවක් දෙමින් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

දඹුල්ල කණ්ඩායමේ අවසන් කඩුලු 2 ටම හිමිකම් කීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කසුන් රාජිතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට මිලින්ද සඳරුවන්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ. ළහිරු ප්‍රභාත් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 480
(දිමුත් කරුණාරත්න 71, අශාන් ප්‍රියංජන් 156, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉෂාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, කසුන් රාජිත 89/3, ළහිරු කුමාර 105/3, චාමික කරුණාරත්න 80/2)

මහනුවර පළමු ඉනිම - සියලුදෙනා දැවී 364
(මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල 112, ප්‍රියමාල් පෙරේරා 62, ළහිරු ගමගේ 71/5, සචිත්‍ර සේරසිංහ 39/2)

දඹුල්ල දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 256
(දිමුත් කරුණාරත්න 40, සචිත්‍ර සේරසිංහ 37, මිලින්ද සිරිවර්ධන 71, සචිත්‍ර සේනානායක 60, කසුන් රාජිත 49/3, ළහිරු කුමාර 61/3, ප්‍රභාත් ජයසූරිය 39/2)

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 221
(මහේල උඩවත්ත නොදැවී 103, චරිත් අසලංක 30, නිරෝෂන් දික්වැල්ල නොදැවී 56)

 


අදහස් (0)

දඹුල්ල - මහනුවර තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.