Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දුෂ්මන්තට - ධනුෂ්කට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

දුෂ්මන්තට - ධනුෂ්කට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත්  සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබන ජූනි මාසයේදී පැවැත්විමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇතැයි පැවසේ.

කොළඹ කණ්ඩායම නියෝජනය කරන දුෂ්මන්ත චමීර ගාල්ල කණ්ඩායමට එරෙහිව හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී අබාධයකට ලක් වීම නිසා සති පහක කාලයක් විවේක ගන්නැයි ඔහුට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.   

 නියත වශයෙන්ම ඔහුට බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මග හැරෙන බව මේ ස්ම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසුවේය.

චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී   විම සඳහා අප්‍රේල් 05 වැනිදා ඉන්දියාව බලා යාමට නියමිතව තිබුණත් ශරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට ඉන්දියාව බලා යෑමට නොහැකි විය.

ඉකුත් දා ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන සෙසු ක්‍රීඩකයා වන්නේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයයි. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායමේ  පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

ධනුෂ්ක ගුණතිලකද අන්තර් පළාත්  සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුටත් අන්තර් පළාත් සීමිත තරගාවලිය සහ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත ප්‍රථම ටෙස්ට් තරගය අහිම් විමට වැඩි ඉඩ කඩක් ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතය. 

-150


අදහස් (0)

දුෂ්මන්තට - ධනුෂ්කට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.