Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාව තුළ දූෂණ මර්දන කාර්යාලයක් පිහිටුවීමට සූදානම් වීම රටට ලොකු ලැජ්ජාවක් බව 1996 දී ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක සහ වර්තමාන ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“පසුගිය 2015 ජනවාරි මාසයේ අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමතිවරු සහ ඒ ක්‍රීඩා ඇමතිවරුන්ට ආවරණය දෙන අය හිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒ ගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා. නමුත් මේ අවුරුදු හතරට කරපු විනාසයට දැන් වන්දි ගෙවමින් ඉන්නවා”
“දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවාදීම ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්”
“මීට පෙර ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕනේ. කොහොම නමුත් තව පොඩි කාලයයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ. මම හිතන්නේ එම තරගාවලිය අපිට ලේසි වෙන එකක් නෑ මේ තියෙන තත්ත්වයත් එක්ක. හැබැයි අපේ ක්‍රීඩකයෝ දක්‍ෂයෝ. අපේ පරිපාලනයෙයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඉදිරි නිලවරණයේදී මේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.