Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙවැනි එක්දින තරගය අතහැර දමයි

දෙවැනි එක්දින තරගය අතහැර දමයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘  කණ්ඩායම අතර ජැමෙයිකාවේදී ඊයේ (3 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි නිල නොවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එකම පන්දුවක් හෝ නොයවාම එම තරගය අතහැර දමන ලදී.

තරගාවලියේ පළමු තරගය කඩුලු 2 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

කොදෙව් පිලට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ වන විට එක්දින තරගාවලියේද පරාජය නොවන ස්ථානයකට පැමිණ සිටී. තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (ඉරිදා) ජැමෙයිකාවේ උතුරු වෙරළාසන්න නගරයක් වන ට්‍රිලෝනිහිදී පැවැත්වේ.

 

 


අදහස් (0)

දෙවැනි එක්දින තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.