Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව ලකුණු 74 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය.
එක් අන්තයක පිතිකරුවන් එක්නෙකා දැවීයන විටදී තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් එක් අන්තයක පන්දුවට පහරදෙමින් සිටින චෙතේෂ්වර් පුජාරා ලකුණු 47 ක් සහ රිද්දිමාන් සාහා ලකුණු 6 ක් ලබාගැනීමට සමත්වූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු 24 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීමට ඔවුන් උත්සහ කරති.
දිවා ආහාරයට සුළු මොහොතකට පෙර වර්ෂාව ඇතිවීම නිසා කලින්ම දිවා ආහාරය ලබාගත්තද වරින් වර වර්ෂාව ඇතිවීම හේතුවෙන් තරගය අතහර දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර අද දින යැවීමට හැකිවූයේ ඕවර 21 ක් පමණි..
තරගයේ පළමු දිනයවූ ඊයේ (16 වැනිදා) තරගය වර්ෂාව හේතුවෙන් නතර කරනවිට ලකුණු 17 කට කඩුලු 3 ක් දැවී තිබූ අතර අද උදෑසන පන්දුව අතට ගත් දසුන් ශානක තවත් කඩුලු 2 ක් දවාගනිමින් ඉන්දිය කණ්ඩායම ආගාධයට ඇද දැමීමට සමත්විය.
ඊයේ දිනයේදී විශිෂ්ට පන්දු යැවිමක නිරතවූ සුරංග ලක්මාල්ගෙන් ලකුණක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට පන්දු 47 ක් යන තෙක් බලාසිටිමට සිදුවිය. 47 වැනි පන්දුවේදී අජින්ක්‍යා රහනේගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව හතරේ සිමාව කරා යෑමත් සමගින් සුරංග ලක්මාල්ගෙන් ලකුණු ලබාගැනීමට ඉන්දිය පිතිකරුවන්ට අවස්ථාව හිමිවිය. ඕවර 11 ක් යවමින් නිලකුණු ඕවර 9 ක් සමගින් ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගැනිමට සුරංග ලක්මාල් සමත් වූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.