Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෝනි - ජාදව් ඉන්දීය පිල දිනවති

දෝනි - ජාදව් ඉන්දීය පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියහ. එහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149 කදී ලකුණු 141 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 59) සහ කේදර් ජාදව් (නොදැවී 81) ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 72 කට මුහුණදුන් දෝනි හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 87 කදී වාර්තා වූ ජාදව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය. රෝහිත් ශර්මා පන්දු 66 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක්ද, නායක විරාට් කෝලි පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩි තාලමක් දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 236 ක් රැස්කළ අතර එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු උස්මන් කවාජා පන්දු 76 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

මාකස් ස්ටොයිනිස් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 87 ක සම්බන්ධතාවත් ගොඩනැගීමටද කවාජා සමත් වූ අතර පන්දු 53 කදී වාර්තා වූ ස්ටොයිනිස්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සාමි, කුල්දීප් යාදව් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කිරීමට සමත් වූහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 7 කට 236
(උස්මන් කවාජා 50, මාකස් ස්ටොයිනිස් 37, පීටර් හෑන්ඞ්කොම්බ් 19,  ග්ලේන් මැක්ස්වෙල් 40, ඇස්ටන් ටර්නර් 21, ඇලෙක්ස් කේරි නොදැවී 36, නේදන් කූල්ටනයිල් 28, මොහොමඞ් සාමි 44/2, කුල්දීප් යාදව් 46/2,  ජස්ප්‍රීට් බුම්රා 60/2)

ඉන්දියාව - ඕවර 48.2 කදී කඩුලු 4 කට 240
(රෝහිත් ශර්මා 37, විරාට් කෝලි 44, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 59, කේදර් ජාදව් නොදැවී 81, නේදන් කූල්ටනයිල් 46/2, ඇඩම් සම්පා 49/2)

 


- 036


අදහස් (0)

දෝනි - ජාදව් ඉන්දීය පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.