Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ද. අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

ද. අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

Nisanka Sandeepani - 2017 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ (22 වැනිදා) බෆලෝ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 200 ක දැවැන්ත ජයක් හිමිකරගත් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 370 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 40.4 ක් අවසානයේ ලකුණු 169 කට සීමා කිරීමට ඬේන් පීටර්සන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දෑවීයාම බංග්ලාදේශ කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

දක්ෂ පන්දුයැවීමක නිරත වූ පීටර්සන් ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත් අතර බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉම්රාන් තාහිර් සහ ඒඩන් මාර්ක්‍රම් කඩුලු 2 බැගින් දවාගත්හ. 

බංග්ලාදේශ ඉනිමේ වැනිම ලකුණු ලාභියා බවට පත් වූ සකීබ් අල් හසන් පන්දු 82 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළ අතර සබීර් රෙහෙමාන් (39) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 369 ක් රැස්කළ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 67 කදී ලකුණු 91 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි. 

පළමු කඩුල්ල සඳහා පන්දු 107 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටෙම්බා බවුමා (48) සහ ක්වින්ටින් ඩි’කොක් (73) දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 68 කදී වාර්තා වූ ඩි’කොක්ගේ 15 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර බවුමාගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

සිය මංගල එක්දින තරගයට සහභාගි වූ ඒඩන් මාර්ක්‍රම් (66) පන්දු 60 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් මංගල අර්ධ ශතකය ලබාගත්තේය. 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 369 

(ටෙම්බා බවුමා 48, ක්වින්ටන් ඩි’කොක් 73, ෆෆ් ඩුප්ලෙසි 91, ඒඩන් මාර්ක්‍රම් 66, ඒ. බී. ඩිවිලියස් 20, ෆර්හාන් බෙහාර්ඩීන් 33, කගිසෝ රබාඩා නොදැවී 23, මෙහෙදි හසන් 59/2, ටස්කින් අහමඞ් 66/2) 

බංග්ලාදේශය - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 169 

(සකීබ් අල් හසන් 63, සබීර් රෙහෙමාන් 39, මෙහෙදි හසන් 15, මෂ්රෆී මොටාසා 17, ඬේන් පීටර්සන් 44/3, ඒඩන් මාර්ක්‍රම් 18/2, ඉම්රාන් තාහිර් 27/2) 

 

- 036 


අදහස් (0)

ද. අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.