Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (27 වැනිදා) පැවැති තරගය ලකුණු 55 කින් ජයගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 164 ක් පමණි.
ඉදිරිපෙළ පිතිකරුවන් ආසාර්ථක වනවිට හයවැනි කඩුල්ල සදහා පන්දු 36 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශුබාම් ගිල් සහ ඇන්ඞ්්‍ර රසල් සමත්වූහ.
ශුබාම් ගිල් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර ඇන්ඞ්්‍ර රසල් පන්දු 30 කදී හයේ පහර4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළේය.
ග්ලෙන් මැක්ස්වෙල්, අමිත් මිෂ්රා, අවේෂ් ඛාන් සහ ටේරන්ට් බෝල්ට් කඩුලු 4 බැගින් දවාගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙව යාමට සමත්වූහ.
ශ්‍රීයාස් අයියර්ගේ (නොදැවී 93) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය.
සෙමින් ඉනිම ඇරඹූ ශ්‍රීයාස් අයියර් නියමිත ඕවර සංඛ්‍යාව නිමාවන විට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් පන්දු 40 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කළේය.
ශිවාම් මාවී විසින් යවන ලද අවසන් ඕවරයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් උදුරා ගැනීමට ශ්‍රීයාස් අයියර් සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා ප්‍රිත්වී ෂෝ සමගින් පන්දු 42 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශ්‍රීයාස් අයියර් සිවුවැනි කඩුල්ල සදහා ග්ලෙන් මැක්ස්වෙල් සමගින්ද එක්ව පන්දු 31 කදී ලකුණු 73 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.
සාර්ථක ආරම්භයක් ලබාදුන් ප්‍රිත්වී ෂෝ සහ කොලින් මුන්රෝ පන්දු 42 කදී ලකුණු 59 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට ප්‍රිත්වී ෂෝ සමත්වූ අතර පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කිරීමට කොලින් මුන්රෝ සමත්විය.
නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර් වෙනුවට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ශ්‍රීයාස් අයියර් විසින් මෙහෙයවනු ලැබීය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ටොම් කරන් වෙනුවට මිචෙල් ජොන්සන් කණ්ඩායමට කැඳවා ඇත. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර්ට සහ ඩැනියල් ක්‍රිස්ටියන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වූහ.
කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දුවට පහරදීම සදහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 219
(ප්‍රිත්වී ෂෝ 62, කොලින් මුන්රෝ 33, ශ්‍රීයාස් අයියර් නොදැවී 93, ග්ලෙන් මැක්ස්වෙල් 27)
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 164
(සුනිල් නරේන් 26, ශුබාම් ගිල් 37, ඇන්ඞ්්‍ර රසල් 44, ග්ලෙන් මැක්ස්වෙල් 22/2, අමිත් මිෂ්රා 22/2, අවේෂ් ඛාන් 29/2, ටේරන්ට් බෝල්ට් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.