Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිරෝෂන් දික්වැල්ල (75) සහ මහේල උඩවත්ත (116) පළමු කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 137 ක සම්බන්ධතාවය හේතුවෙන් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යාවට අනුව ලකුණු 28 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද (2 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගියද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරනවිට මහනුවර කණ්ඩායම ඕවර 30 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 217 ක් රැස්කර සිටියේය.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව මහනුවර කණ්ඩායම ජයග්‍රහණය සදහා රැස්කළ යුතුව තිබූයේ ලකුණු 190 ක් වූ අතර එම අවස්ථාව වන විට ලකුණු 28 ක් ඉදිරියෙන් සිටීම නිසා ජයග්‍රහණය ඔවුන්ට හිමිවිය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මහේල උඩවත්ත පන්දු 96 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 116 ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 58 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත්විය.
නිරෝෂන් දික්වැල්ල සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 118 කදී ලකුණු 137 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මහේල උඩවත්ත දෙවැනි කඩුල්ල සදහා ඇන්ජලෝ මැතිව්ස් සමගින්ද පන්දු 62 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා ගාල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 35.4 කදී සියලුදෙනා දැවී ඔවුන් ලකුණු 250 ක් රැස්කිරීමට සමත්වූහ.
ලකුණු 67 කට ගාල්ල කණ්ඩායමේ කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අනතුරුව පස්වැනි කඩුල්ල සදහා එක්වූ රොෂේන් සිල්වා සහ සම්මු අශාන් පන්දු 113 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉනිම ගොඩනැගූහ.
අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ රොෂේන් සිල්වා පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 55 ක් රැස්කළ අතර සම්මු අශාන් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 72 ක් රැස් කළේය.
වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ චතුරංග ද සිල්වා පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් රැස්කිරීමට සමත්විය.
පිතිකරුවන්ගේ පහර කෑමට ලක්වුවද ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගැනීමට ඉසුරු උදාන සමත්විය. කසුන් රාජිත කඩුලු 3 ක් සහ ළහිරු කුමාර කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර දෙපිළටම තරගය ඕවර 36 කට සීමාවිය.
ගාල්ල කණ්ඩායම - ඕවර 35.4 කදී සියලුදෙනා දැවී ලකුණු 250
(සධීර සමරවික්‍රම 25, ඇන්ඩි සොලමන්ස් 23, රොෂේන් සිල්වා 55, සම්මු අශාන් 72, චතුරංග ද සිල්වා 29, ඉසුරු උදාන 59/5, කසුන් රාජිත 63/3, ළහිරු කුමාර 56/2)
මහනුවර කණ්ඩායම - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 217
(නිරෝෂන් දික්වැල්ල 75, මහේල උඩවත්ත 116, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 20)
ගාල්ල - මහනුවර අන්තර් පළාත් එක්දින තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.