Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිල්ලි කැපිටල්ස් ලකුණු 37 කින් ජයගනී

දිල්ලි කැපිටල්ස් ලකුණු 37 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) තෙවැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර වැන්කඬේ ක්‍රීඩාංගණයේදී අද (24) රාත්‍රී පැවැති තරගයෙන් දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ ලකුණු 37 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කය හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.2 කදී ලකුණු 176 කට සීමාවිය.

යුවරාජ් සිං පන්දු 35 කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් මුම්බායි පිලේ සාර්ථකම පිතිකරු බවට පත්විය.

හර්ද්‍රික් පාණ්ඩියා පන්දු 15 කින් හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 32 ක් රැස්කළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.  

මුම්බායි පිලේ නායක සුපිරි පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 14 කට දැවී යෑම පරාජයට ප්‍රධාන හේතුවක් බවට පත්විය.

රිෂාබ් පාන්ට් දියත් කළ වේගවත් පිතිහරඹයෙන් පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිලට ලකුණු 213 ක් දක්වා ඒමට මඟ පැදුණි. ඉන්දීය පිල නියෝජනය කරන ප්‍රබල පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා (40/1) හර්ද්‍රික් පාණ්ඩියා (41/1) මෙහිදී ප්‍රහාරයට ලක්වූහ.

රිෂාබ් පාන්ට් පන්දු 27 කින් නොදැවී ලකුණු 78 රැස්කළ අතර එය හතරේ පහර හතකින් සහ දැවැන්ත හයේ පහර හතකින් වර්ණවත් විය. පාන්ට් අර්ධ ශතකය පන්දු 18 කින් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.  

නායක ශිකර් ධවාන් පන්දු 36 කින් ලකුණු 43 ක් රැස්කළ අතර එයට හතරේ පහර හතරක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කොලින් ඉන්ග්‍රෑම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත් විය.

ශිකර් ධවාන් සහ දකුණු අප්‍රිකානු පිතිකරු කොලින් ඉන්ග්‍රෑම් තෙවැනි කඩුල්ලට පන්දු 56 කින් ගොඩනැගූ ලකුණු 83 ක සම්බන්ධතාවයෙන් දිල්ලි පිල ප්‍රබල තත්ත්වයකට පැමිණියේය.

දිල්ලි පිලේ 19 හැවිරිදි ආරම්භක පිතිකරු ප්‍රීතිව් ෂෝව් ලකුණු හතකට දැවී යෑමෙන් ඉනිම සසළ වූ අතර පළමු ඕවර හය අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.   

මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී මුම්බායි පිල වෙනුවෙන් 17 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක රාසික් සල්මා පළමු අයි.පී.එල්. තරගයට සහභාගි විය.  

ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලට ඇතුළත්ව සිටිය ද දකුණු අප්‍රිකානු සංචාරය සහ අන්තර් පළාත් තරගාවලිය හේතුවෙන් මුම්බායි පිලේ පළමු තරග හය ඔහුට අහිමිවන බව වාර්තා වේ.


දිල්ලි කැපිටල්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 213
(ශ්‍රීයාස් අයියර් 16, ශිකර් ධවාන් 43, කොලින් ඉන්ග්‍රෑම් 47, රිෂාබ් පාන්ට් නොදැවී 78, මිචෙල් මැක්ලින්හැම් 40/3)

මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 176
(රෝහිත් ශර්මා 14, කුවින්ටන් ඩී කොක් 27, යුවරාජ් සිං 53, කිරන් පොලාඞ් 21, හර්ද්‍රික් පාණ්ඩියා 32, ඉෂාන්ත් ශර්මා 34/2, කාගිසෝ රබාඩා 23/2)  

- 048


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් ලකුණු 37 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.