Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර නවදිල්ලියේදී අද (30 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී දිල්ලි කැපිටල්ස් පිල සුපිරි ඕවරයෙන් ජයගත්තේය. නියමිත ඕවර 20 අවසානයේදී දෙපිලේම ලකුණු (185) සමවීම හේතුවෙන් යැවුණු සුපිරි ඕවරයේදී දිල්ලි පිල ලකුණු 10 ක් ලබාගත් අතර කොල්කටා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි.
ලකුණු 186 ක ඉලක්කය හඹා යද්දී පන්දු 55 කට මුහුණ දුන් ප්‍රිත්වි ෂෝ හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම අලංකාර කළ නමුත් ශතකයට ලකුණක් අඩුවෙන් තිබියදී දැවී ගියේය. ලොකී ෆර්ගසන්ගේ පන්දුවකට මිඞ් විකට් හරහා පහරක් ගැසීමට ගිය ප්‍රිත්වි ෂෝගේ පිත්තේ කොණක වැදී ඉහළ ගිය උඩපන්දුව කඩුලු රැකි දිනේෂ් කාර්තික් විසින් රැකගන්නා ලදි.
ලකුණු 186 ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි පිල 18 වැනි ඕවරය නිමාවේදී කඩුලු 3 ක් පමණක් දැවී ලකණු 173 ක් ලබා සිටි හෙයින් ජයග්‍රහණය සඳහා අවසන් ඕවර දෙකේදී අවශ්‍ය වූයේ ලකුණු 13 ක් පමණි. එහෙත් ප්‍රිත්වි ෂෝගේ දැවී යාමෙන් පසුව දිල්ලි පිලේ සෙසු පිතිකරුවෝ වල්මත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා පිල කඩුලු 8 ක් දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.
මුලු ලකුණු සංඛ්‍යාව 61 ක් වන විට කොල්කටා කණ්ඩායමේ මුල් පිතිකරුවන් 5 දෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දිල්ලි කැපිටල්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් නායක දිනේෂ් කාර්තික් (50) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔන්ඩි්‍ර රසල් (62) සිය කණ්ඩායම වැටී තිබූ ආගාධයෙන් ගොඩගත්තේය.
එහිදී පන්දු 28 කට මුහුණදුන් රසල් හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. මෙම තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනේදී ලකුණු 159 ක් රැස්කිරීමට රසන් සමත්ව ඇත්තේ 248.44 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. පන්දු 36 කදී වාර්තා වූ කාර්තික්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ශ්‍රෙයාස් අයියර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර දිල්ලි කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ සන්දීප් ලැමිච්හානේ මිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත්තේය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 185
(ක්‍රිස් ලයන් 20, දිනේෂ් කාර්තික් 50, ඔන්ඩි්‍ර රසල් 62, හර්ෂල් පටේල් 40/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 185 යි
(ප්‍රිත්වි ෂෝ 99, ෂිකාර් ධාවන් 16, ශ්‍රීයාස් අයියර් 43, රිෂාබ් පන්ට් 11, කොලින් ඉන්ග්‍රම් 10, කුල්දීප් යාදව් 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.