Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය ලබාගත් ලකුණු 441 ට පිළිතුරු සොයා යමින් සිටි ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දැමූ ටේරන්ට් බෝල්ට් නව පන්දුවේ ඔපය සහ පැහැය මනා ලෙස යොදා ගනිමින් ශී‍්‍ර ලංකා පිතිකරු ලයිස්තුවේ ඉදිරි පිතිකරුවන් තිදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවීය.
එම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත් ටිම් සවුතී, නීල් වැග්නර් සහ ජේම්ස් නීෂම් තිදෙනා නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) තේ පානය වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 138 කට සීමා කළහ.
ලකුණු 303 ක අවාසියකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුවූද දෙවැනි ඉනිමේදී සිය වගකීම මැනවින් වටහාගත් දිමුත් කරුණාරත්න (නොදැවී 49) සහ කෞෂාල් සිල්වා (නොදැවී 33) දිනය අවසන් වන විට කිසිවකු නොදැවී 84 ක් දක්වා ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දෙවැනි ඉනිමේදී පන්දු 109 කට මුහුණ දුන් දිමුත් කරුණාරත්න හතරේ පහර 6 ක් තම ඉනිමට ඇතුළත් කළ අතර කෞෂාල් සිල්වා මුහුණ දුන් පන්දු 102 න් 5 ක් හතරේ සීමාව කරා ගොස් තිබිණ. ශී‍්‍ර ලංකා පිල තවමත් නවසීලන්තයට වඩා ලකුණු 219 ක් පසුපසින් සිටින අතර තරගයේ තවත් දින තුනක කාලයක් ඉතිරිව තිබේ.
ඊයේ සවස තරගය නතර කරන විට කඩුලූ 7 ක් දැවී ලකුණු 429 ක් ලබා සිටි නවසීලන්ත පිලේ ඉතිරි කඩුලූ 3 ත් අද පෙරවරුවේදී ලකුණු 12 කදී දවාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් දෙදෙනා කිවි පිතිකරුවන් ලකුණු 441 කට සීමා කළහ. එහෙත් ශී‍්‍ර ලංකා ඉනිමේදී පන්දු යැවීම ආරම්භ කළ බෝල්ට්, ඕවර 7 කදී ලකුණු 11 කට කඩුලූ 3 ක් දවාගනිමින් මුල් ඉනිමේ විනාශය ඇරඹීය. ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනාත්, කුමාර් සංගක්කාරත් බෝල්ට්ගේ ගොදුරු බවට පත්වූහ.
ශී‍්‍ර ලංකා ඉනිමේ සිවුවැනි පන්දුවෙන්ම දිමුත් කරුණාරත්න දවාගත් බෝල්ට් තමාගේ ටෙස්ට් කඩුලූ 100 සම්පූර්ණ කළේය. පිට ඉන්නට පිටතින් පතිතවූ පන්දුව කරුණාරත්නගේ පා ආවරණය වෙත ඇදී ආ අතර ඔහු දැවී ගිය කී‍්‍රඩකයකු යයි නම්කිරීමට විනිසුරුවරයාට දෙවරක් සිත සිතා සිටීමට අවශ්‍ය නොවීය.
ඕවර දෙකකට පසුව බෝල්ට්ගෙන් එවැනිම පන්දුවක් ලද කෞෂාල් සිල්වා තමන්ට ලැබුණු තීරණය තුන්වැනි විනිසුරුවරයා වෙතට යොමු කළ නමුත් අවසානයේදී පිතිකරුවාම පරාජය විය.
සංගක්කාර දැවී ගියේ සුපුරුදු ආකාරයෙනි. සංගක්කාරගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව තුන්වැනි ස්ලිප් කි‍්‍රඩකයා වෙත ඉගිළ යද්දී එතැන සිටි ටිම් සවුතී කිසිදු අපහසුතාවකින් තොරවම උඩපන්දුව රැකගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින වඩාත්ම අත්දැකීම් බහුල කී‍්‍රඩකයාගේ ඉනිම ලකුණු 6 කට සීමා කළේය. මේ වන විට ටෙස්ට් ලකුණු 12,000 සීමාවට ආසන්න වී සිටින සංගක්කාරට එම සීමාව පසුකර යාමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 6 ක් පමණි.
මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු (1437) ලබාගත් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින සංගක්කාර ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේත් මුල් ස්ථානයේ සිටින පිතිකරුවාද වෙයි.
ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා දැවී යාමෙන් අධෛර්යට පත්වූ ශී‍්‍ර ලංකා පිලේ පසුපෙළ පිතිකරුවන් සටනකින් තොරවම පසුබා යද්දී නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සටනට අවතීර්ණ වෙමින් අර්ධ ශතකයක් ලබාගත් නමුත් ඔහුගේ සහායට පිතිකරුවකු නොමැති විය. පසුපෙළ පිතිකරුවන්ගේ අරමුණ වූයේ පිටියේ රැඳී සිටීමින් තම නායකයාට සහාය දීම නොව හැකි තරම් වැරෙන් පන්දුවට පහර දෙමින් ලකුණු කීයක් හෝ ලබාගැනීමයි.
සිය පසුපෙළ පිතිකරුවන්ද එකා පසුපස එකා දැවී යන ආකාරය දෙස බලා සිටින මැතිව්ස්ට ඉතිරිවූ විකල්පයත් හැකි තරම් වැරෙන් පන්දුවට පහර දෙමින් කණ්ඩායමේ සියලූ පිතිකරුවන් දැවී යාමට පෙර ලකුණු ලබගැනීම වුවත් ඔහු ඊට වඩා තරමක් හෝ ඉවසිලිවන්ත වූයේ නම් ශී‍්‍ර ලංකා මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 138 ට වඩා වැඩිවන්නට තිබිණ.
තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.