Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වඩාත් ස්ථාවර ආරම්භක පිතිකරුවකු සෙවූ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුව ලබන මාසයේ නවසීලන්තයේදී සහ ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලන තරගාවලිය සඳහා දිමුත් කරුණාරත්න කැඳවීමට තීරණය කර තිබේ. පසුගිය මාස දෙකක පමණ කාලයේදී දිගින් දිගටම අවස්ථාව දෙමින් පරීක්‍ෂාවට ලක්කළ නමුත් බොහෝ අවස්ථාවන්හිදී අසාර්ථක වූ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
තිලකරත්න ඩිල්ෂාන්ගේ සහායක ආරම්භක පිතිකරුවා කවුරුන්ද යන්න සෙවීමේදී තේරීම් කමිටුවේ මූලික අරමුණ වී ඇත්තේ නවසීලන්තයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ පවතින තණතීරුවලට ගැලපෙන වඩාත් ස්ථාවර පිතිකරුවකු සොයා ගැනීමයි.
ඉන්දීය සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිව පසුගිය මාස දෙකේදී පැවැති එක්දින තරග 8 කදී කුසල් ජනිත් පෙරේරා සිවු වතාවක් ලකුණු නොලබා දැවී ගොස් ඇති අතර ඉතිරි ඉනිම 4 දී ලබාගෙන ඇත්තේද ලකුණු 103 ක් පමණි.
”කුසල්ට අපි ඕනෑ තරම් අවස්ථාව දුන්නා. ඒවායින් ප‍්‍රයෝජන ගන්න එයා දැනගන්න ඕනේ....අපේ ආරම්භක පිතිකරුවන් ඉක්මනින් දැවී ගියොත් ඒකෙන් වෙන්නේ මැද පෙළ නිරාවරණය වීමයි”
”ඇරත් මහේල ආරම්භක පිතිකරුවා වශයෙන් යොදාගන්න එකේ අවදානමක් තියෙනවා. මොකද ඔහු අපේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ පිතිකරුවා. ඒ වගේ කෙනෙකුගේ කඩුල්ල වේලාසනින්ම දෙන්න බෑ” යයිද තේරීම් කමිටු නිලධාරියා පැවසීය.
දිමුත් කරුණාරත්න තෝරා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තවත් තේරීම් කමිටු නිලධාරියකු කියා සිටියේ නවසීලන්තයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දිමුත් හොඳින් පන්දුවට පහර දෙමින් ශතකයක් ලබාගත් බවත් නවසීලන්තයේ තිබෙන, පන්දුව වඩාත් දෝලනය වන සුළු තණතීරුවලදී ඔහුගේ පන්දුවට පහර දීමේ රටාව ශී‍්‍ර ලංකා පිලට වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකි බවත්ය.
ටෙස්ට් පිතිකරුවකු වශයෙන් වැඩි ප‍්‍රසිද්ධියක් උසුළන දිමුත් කරුණාරත්න මේ වන විට එක්දින තරග 6 කට පමණක් කී‍්‍රඩා කරමින් ලකුණු 84 ක් ලබා සිටී. ඔහු අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ 2013 දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව සාජා නුවරදීය.
ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගද අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටී. එහෙත් මාලිංගගේ ස්ථානය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත රඳා පවතී. යම් හෙයකින් ලසිත් මාලිංගගේ ආබාධය සුව අතට නොහැරුණොත් මාලිංගගේ ස්ථානය නුවන් ප‍්‍රදීප් හෝ ශමින්ද එරංගට හිමිවීමේ විශාල ඉඩක් පවතින බවත් දැනගන්නට තිබේ.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා තේරීම් කමිටු නිලධාරීහු මෙම පන්දු යවන්නන් දෙදෙනා දෙස විමසිල්ලෙන් බලා සිටිති.
ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදට (7 වැනිදා) පෙර නම්කළ යුතු අවසන් සංචිතයට ඇතුළත් වන්නේ කී‍්‍රඩකයන් 15 දෙනකු වුවත් මූලික සංචිතයේත් සිටින කී‍්‍රඩකයන් 30 දෙනා අතුරින් ඕනෑම අයකු මාලිංගගේ ස්ථානය සඳහා තෝරාගත හැකි බවයි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් නොලද නුවන් කුලසේකර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී තිබේ.
අජන්ත මෙන්ඩිස් සහ ජීවන් මෙන්ඩිස් අතර දෝලනය වූ තේරීම් කමිටුව අවසානයේදී ජීවන් මෙන්ඩිස් අසළ නතර වී තිබේ. ඊට හේතු කාරණා වී ඇත්තේ පසුපෙළ පිතිකරුවකු වශයෙන් වැඩි මෙහෙයක් කිරීමට ජීවන් මෙන්ඩිස්ට ඇති හැකියාවත් ආක‍්‍රමණශීලී පන්දු රකින්නකු වශයෙන් පිටියේ ඕනෑම තැනක කටයුතු කිරීමේ හැකියාවත්ය.
ඒ අනුව මෙම සංචිතය දග පන්දු යවන්නන් සිවු දෙනකුගෙන් සමන්විත වන අතර ජීවන් මෙන්ඩිස්ට අමතරව රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක දෙදෙනාත් විශේෂඥ දග පන්දු යවන්නෝ ලෙස ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටිති. මේ තිදෙනාට අමතරව තිලරත්න ඩිල්ෂාන්ද ඕනෑම අවස්ථාවකදී ඕවර හත අටක් නැතහොත් ඕවර 10 ම යැවිය හැකි පන්දු යවන්නෙකි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප‍්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.