Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දික්වැල්ල තවත් තරග තහනමක් අබියස

දික්වැල්ල තවත් තරග තහනමක් අබියස

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී සිම්බාබ්වේ පිතිකරු සොලමන් මයර් අයථා ලෙසින් ස්ටම්ප් කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ලට ඔහුගේ තරග මුදලින් 30% ක දඩයක් පනවා තිබේ. ඊට අමතරව දඬුවම් ලකුණු දෙකක්ද නිරෝෂන් දික්වැල්ලගේ නමට ඉදිරියෙන් සටහන් කර තිබේ.

සිකුරාදා තරගයට එන විටත් දික්වැල්ලට දඬුවම් ලකුණු 5 ක් එකතු වී තිබූ අතර මේ වන විට එය 7 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් වසර දෙකක කාලය ඇතුළත දඬුවම් ලකුණු 8 ඉක්මවා ගියහොත් එය තහංචි ලකුණු 4 ක් බවට පරිවර්තනය වෙයි. එහි අනුයාත ප්‍රතිඵලය වන්නේ ටෙස්ට් තරගයකට හෝ එක්දින තරග දෙකකට නැතහොත් විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකක තහනමකට ලක්වීමයි.

 සිකුරාදා පැවැති තරගයේ සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි ඕවරයේදී දික්වැල්ල මෙම උත්සාහය ගෙන ඇත.
පිතිකරුවා සිය පහර සම්පූර්ණ කරනවාත් සමගින් කඩුල්ල පිටුපස සිට පන්දුව රැකගත් දික්වැල්ල ඔහු සීමා ඉරෙන් ඉවත යතැයි බලාපොරොත්තුවෙන් මඳ වේලාවක් නිසළව සිටි පසුව කඩුල්ල බිඳ දැමීය. පසුව ස්ටම්ප් කිරීම සම්බන්ධයෙන් දික්වැල්ල ඉල්ලීමක් කළ අවස්ථාවේදී තීරණය දීමේ වගකීම තුන්වැනි විනිසුරු නයිජල් ලොන්ග් මහතාට පැවරිණ.

එම අවස්ථාවේදී සිම්බාබ්වේ පිතිකරුවා දැවී නොගිය නමුත් කඩුලු රකින්නන්ගේ මෙවැනි කූඨ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අවධානය යොමු කරවන නයිජල් ලොන්ග් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. පසුව දික්වැල්ල සිය වරද පිළිගත් අතර තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් පනවන ලද දඬුවම පිළිගත්තේය.

මෙය නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මේ වසරේදී පනවන ලද තුන්වැනි  දඩයයි. පසුගිය පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගීසෝ රබාඩා සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් ඔහුට එක්දින තරග දෙකක තහනමක් පැනවිණ.

 


අදහස් (0)

දික්වැල්ල තවත් තරග තහනමක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.