Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිරෝෂන් දික්වැල්ලගේ (102) සහ ධණුෂ්ක ගුණතිලකගේ (116) මංගල එක්දින ශතක හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. කුසල් මෙන්ඩිස් (නොදැවී 28) සහ උපුල් තරංග (නොදැවී 44) එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
සිම්බාබ්වේ | |||
හැමිල්ටන් මසකඩ්සා - ඇ. ප්‍රදීප් ප. වනිඳු | 111 | ||
සොලමන් මයර් - ක.මු.කළා ප. ප්‍රදීප් | 13 | ||
ටරිසායි මුසකන්ඩා - ඇ. තරංග ප. ගුණරත්න | 48 | ||
ක්‍රෙග් අර්වින් - ක.මු.කළා ප. වනිඳු | 16 | ||
ෂෝන් විලියම්ස් - ප. ගුණරත්න | 43 | ||
මැල්කම් වොලර් - ක.මු.කළා ප. මාලිංග | 17 | ||
සිකන්දර් රාසා - නොදැවී | 25 | ||
පීටර් මුවර් - ඇ. මෙන්ඩිස් ප. සඳකැන් | 24 | ||
ග්‍රේම් ක්‍රීමර් - දුවද්දී දැවී ගියා | 0 | ||
කාල් මුම්බා - නොදැවී | 2 | ||
අතිරේක (පා-2, ව-8, නි-1) | 11 | ||
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී | 310 | ||
කඩුලු වැටීම | |||
1-39 (මයර්), 2-166 (මුසකන්ඩා), 3-191 (මසකඩ්සා), 4-206 (අර්වින්), 5-256 (විලියම්ස්), 6-263 (වොලර්), 7-293 (මුවර්), 8-293 (ක්‍රීමර්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා | |||
ටෙන්ඩායි චටාරා | |||
පන්දු යැවීම | |||
ලසිත් මාලිංග | 9-0-71-1 | ව-2, නි-1 | |
නුවන් ප්‍රදීප් | 6-1-28-1 | ව-1 | |
දුෂ්මන්ත චමීර | 7-0-34-0 | ||
ලක්ෂාන් සඳකැන් | 10-0-73-1 | ව-3 | |
වනිඳු හසරංග | 7-0-44-2 | ව-1 | |
අසේල ගුණරත්න | 10-1-53-2 | ||
ධනුෂ්ක ගුණතිලක | 1-0-5-0 | ||
ශ්‍රී ලංකාව | |||
නිරෝෂන් දික්වැල්ල - ඇ. විලියම්ස් ප. වොලර් | 102 | ||
ධනුෂ්ක ගුණතිලක - ප. විලියම්ස් | 116 | ||
කුසල් මෙන්ඩිස් - නොදැවී | 28 | ||
උපුල් තරංග - නොදැවී | 44 | ||
අතිරේක (බ-4, පා-2,ව-16) | 22 | ||
එකතුව ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී | 312 | ||
කඩුලු වැටීම | |||
1-229 (දික්වැල්ල), 2-237 (ගුණතිලක) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ඇන්ජලෝ මැතිව්ස් (නායක), අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර. | |||
පන්දු යැවීම | |||
කාල් මුම්බා | 6.2-0-36-0 | ව-2 | |
ටෙන්ඩායි චටාරා | 6-0-47-0 | ව-3 | |
සිකන්දර් රාසා | 10-0-55-0 | ව-1 | |
ග්‍රේම් ක්‍රීමර් | 7-0-54-0 | ව-1 | |
ෂෝන් විලියම්ස් | 8-0-63-1 | ව-3 | |
මැල්කම් වොලර් | 8-0-32-1 | ව-2 | |
සොලමන් මයර් | 2-0-19-0 |
පන්දු 101 කදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට ධණුෂ්ක ගුණතිලක අද සමත් වූ අතර ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 116 කට දැවී ගියේය. දැවී යන විටදී පන්දු 111 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 කින් සිය ඉනිම සැරසිමට ගුණතිලක සමත්ව සිටියේය. දැවීයාමට පෙර පන්දුවේදී ගුණතිලක දුන් උඩපන්දුව කාල් මුම්බා අතින් ගිලිහී ගියද ඉන් ප්‍රයෝජන ගැනීමට ඔහුට අවස්ථාවක් හිමි නොවිය.
පන්දු පන්දු 107 කදී මංගල එක්දින ශතකය රැස්කළ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මැල්කම් වෝලර්ගේ පන්දුව හමුවේ ෂෝන් විලියම්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ලකුණු 102 ක් රැස්කිරීමට සමත්ව සිටියේය. පන්දු 116 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් විය. දික්වැල්ලගේ දැවීයාමත් සමගින් පළමු කඩුල්ල සදහා ධනුෂ්ක ගුණතිලක සමග එක්ව පන්දු 222 කදී ගොඩනැගූ ලකුණු 229 ක සම්බන්ධතාවයද නිමාවට පත්විය.
ෂෝන් විලියම්ස් යවන ලද 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙදී ලකුණු 64 ක් රැස්කර සිටි නිරෝෂන් දික්වැල්ල දුන් උඩපන්දුව ටරිසායි මුසකන්ඩා අතින් ගිලිහී ගිය අතර එම ඕවරයේම සිවුවැනි පන්දුවේදී ලකුණු 40 ක් ලබාසිටි ධණුෂ්ක ගුණතිලක ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාවක් පීටර් මූවර් අතින් ගිලිහී ගියේය.
කාල් මුම්බා යවන ලද 16 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලකුණු 54 ක් රැස්කර සිටි නිරෝෂන් දික්වැල්ලගේ අත් ආවරණයේ වැදී ගිය පන්දුව රැකගත් කඩුලු රකින ක්‍රීඩක පීටර් මූවර් එය දැවී යාමක් ලෙසට ප්‍රධාන විනිසුරු රැන්මෝ මාටිනස්ගෙන් ඉල්ලීමක් කළද විනිසුරුවරයා එය ප්‍රතික්‍ෂේප කළේය. විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යාමට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් එතරම් උනන්දුවක් නොදැක්වීම එම අවස්ථාවේදී දික්වැල්ලගේ වාසනාව විය.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 310 ක් රැස්කිරීමට සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය පස්වැනි එක්දින ශතකය පන්දු 83 කදී රැස්කළ හැමිල්ටන් මසකඞ්සා, වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ නුවන් ප්‍රදිප්ට උඩපන්දුවක් දෙමින් දැවී යන විටදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 111 ක් රැස්කර සිටියේය.
දැඩි පහරදීමකට ලක්වූ ලසිත් මාලිංගගේ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් උදුරා ගැනීමට කාල් මුම්බා සහ සීකන්දර් රාසා සමත් වූහ. ඕවර 9 ක් යැවූ මාලිංගට ලකුණු 71 ක් ලබාදී දවාගැනිමට හැකිවූයේ කඩුල්ලක් පමණි. ලසිත් මාලිංග දිගින් දිගටම යෝකර් පන්දු යැවූවද ඔහුගේ යෝකර් පන්දුවල වේගය අඩාල වී ඇති හෙයින් පිත්කරුවන්ට පන්දුව කරා පිත්ත ගෙන ඒමට ඇති තරම් කාළය හිමිවී තිබේ.
හැමිල්ටන් මසකඞ්සා සමගින් දෙවැනි කඩුල්ල සදහා පන්දු 115 කදී ලකුණු 127 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ටරිසායි මුසකන්ඩා ලකුණු 48 ක් ලබාසිටියදී අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ උපුල් තරංගට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
ලසිත් මාලිංග 24 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී යැවූ යෝකර් පන්දුවක් ලකුණු 43 ක් ලබාසිටි ටරිසායි මුසකන්ඩාගේ පාදයේ වැදීම හේතුවෙන් කඩුල්ල මුවා කළේ යැයි ප්‍රධාන විනිසුරු ඉයන් ගෝල්ඞ්ගෙන් ඉල්ලීමක් කළද ඔහු එය ප්‍රතික්ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය. පුණරූපන නැරඹීමේදී පිත්තේ නොවැදුණු පන්දුව පා ඉන්නේ වදින ආකාරයක් දිස්වුවද ප්‍රධාන විනිසුරු ඉයන් ගෝල්ඞ් පිතිකරු නොදැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කර තිබීම හේතුවෙන් තෙවැනි විනිසුරු නයිජල් ලෝන්ග්ටද එම තීරණ හා එකඟ විමට සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩාය සතුව තිබූ විනිසුරු තීරණය විමසීමේ එකම අවස්ථාවද අහිමිවී ගියේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13 ක් ලබාසිටි සොලමන් මීර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
“මේ තණතීරුව දවස පුරාම මේ විදිහට පවතීවි කියලා මා හිතනවා. ඒ නිසා තමයි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ.”
පෙනෙන්නට තියෙන විදිහට ටිකක් අමාරු තත්ත්වයක් තමා තියෙන්නේ. හුළඟ සැරයි. අපිට තරගය යන විදිහට වෙනස් වෙන්න වෙනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පැවසීය.
සිම්බාබ්වේ නායක ග්‍රේඒම් ක්‍රීමර් කීවේ තමන් කොහොමටත් පන්දුවට පහර දීමට සූදානමින් සිටි බවයි.
“ලකුණු ටිකක් පුවරුවට දමාගන්න පුළුවන් වුණොත් අපිට අප ගැන විශ්වාසයක් තියන්න පුළුවන්” යයිද ක්‍රීමර් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් නොකරමින් දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට සහභාගී කරවා ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කරමින් ඩොනල්ඞ් ටිරිපානෝ සහ රයන් බර්ල් වෙනුවට ටරිසායි මුසකන්ඩා සහ කාල් මුම්බා කණ්ඩායමට කැඳවා ඇත.
2014 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 276 ක ඉලක්කයක් හඹායමින් තරගය ජයගත් පාකිස්තානය අද තරගය පැවැත්වෙන මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හොදම ලකුණු හඹායෑම වාර්තා කර ඇත. 2012 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව තරගය පරාජය වුවද ලකුණු 293 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා ...
ජායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.