Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති

දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති

Nisanka Sandeepani - 2017 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න දෙදෙනා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු හතරක විශිෂ්ට ජයක් කරා ග්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

සිම්බාබ්වේ පිල හමුවේ ලකුණු 388 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද (18 වැනිදා) කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.

සිම්බාබ්වේ - පළමු ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ඇ.මෙන්ඩිස් ප.හේරත් 19
රෙගිස් චකබ්වා - ප.හේරත් 12
තරිසායි මුසකන්ඩා - ඇ.දික්වැල්ල ප.ළහිරු කුමාර 6
ක්‍රෙග් අර්වින්  - ඇ.ඩිල්රුවන් ප.ළහිරු කුමාර 160
ෂෝන් විලියම්ස්  - ඇ.ගුණරත්න ප.ඩිල්රුවන් 22
සිකන්දර් රාසා  - ක.මු.කළා ප.හේරත් 36
පීටර් මුවර් - ඇ.කුමාර ප.ගුණරත්න 19
මැල්කම් වොලර් - ප.හේරත් 36
ග්‍රේම් ක්‍රීමර්  - ප.ගුණරත්න  13
ඩොනල්ඩ් ටිරිපානෝ - ඇ.කරුණාරත්න ප.හේරත් 27
ක්‍රිස් මොෆූ - නොදැවී  0
අතිරේක (ව-1 , නිප-5) 6
එකතුව ඕවර 90 කදී කඩුලු  8 ක් දැවී     356
කඩුලු වැටීම 
1-23(චකබ්වා), 2-38(මසකඩ්සා), 3-38(මුසකන්ඩා), 4-70(විලියම්ස්). 5-154(රාසා), 6-195(මුවර්). 7-260(වොලර්), 8-282(ක්‍රීමර්), 9-356(ටිරිපානෝ), 10-356(අර්වින්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  14-1-58-0  
ළහිරු කුමාර 17.4-2-68-2  
රංගන හේරත් 32-4-116-5  
ඩිල්රුවන් පෙරේරා 24-0-86-1  
අසේල ගුණරත්න 7-0-28-2  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න  - ඇ.මසකඩ්සා ප.ටිරිපානෝ 25
උපුල් තරංග - දුවද්දී දැවී ගියා 71
කුසල් මෙන්ඩිස්  - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 11
දිනේෂ් චන්දිමාල් - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 55
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.මසකඩ්සා ප.විලියම්ස් 41
නිරෝෂන් දික්වැල්ල  - ප.ක්‍රීමර්  6
ඩිල්රුවන් පෙරේරා - දුවද්දී දැවී ගියා  33
අසේල ගුණරත්න - ප.ක්‍රීමර් 45
රංගන හේරත් - ස්ට.චකබ්වා ප.විලියම්ස් 22
සුරංග ලක්මාල් - ඇ.සහ ප.ක්‍රීමර් 14
ළහිරු කුමාර - නොදැවී 1
අතිරේක (නි.ල - 8, පා.ල. - 10, නිප-3, ව.ප.-1) 22
එකතුව ඕවර 102.3 කදී සියලු දෙනා දැවී  346
කඩුලු වැටීම 
1-84(කරුණාරත්න), 2-107(මෙන්ඩිස්), 3-116(තරංග). 4-212(චන්දිමාල්), 5-226(දික්වැල්ල), 6-238(මැතිව්ස්), 7-274(ඩිල්රුවන්), 8-322(හේරත්), 9-343(ලක්මාල්), 10-346(අසේල)
පන්දු යැවීම
ක්‍රිස් මොෆු 11-1-41-0  
ඩොනල්ඩ් ටිරිපානෝ 10-1-38-1  
සිකන්දර් රාසා 18-2-60-0  
ග්‍රේම් ක්‍රීමර් 39.3-4-125-5  
මැල්කම් වොලර් 1-0-02-0  
ෂෝන් විලියම්ස් 23-3-62-2  
සිම්බාබ්වේ - දෙවැනි ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ක.මු.කළා ප.හේරත් 7
රෙගිස් චකබ්වා - ප.හේරත් 6
තරිසායි මුසකන්ඩා - ඇ.කරුණාරත්න ප.හේරත් 0
ක්‍රෙග් අර්වින්  - ඇ.කරුණාරත්න ප.ඩිල්රුවන් 5
ෂෝන් විලියම්ස් - ප.හේරත් 22
සිකන්දර් රාසා - ප.හේරත්  127
පීටර් මුවර් - ඇ.අතිරේක (ගුණතිලක) ප.කුමාර 40
මැල්කම් වොලර් - අ.තරංග ප.පෙරේරා 68
ග්‍රේම් ක්‍රීමර්  - ඇ.කරුණාරත්න ප.හේරත් 48
ඩොනල්ඩ් ටිරිපානෝ - ක.මු.කළා ප.ඩිල්රුවන් 19
ක්‍රිස් මොෆූ - නොදැවී  9
අතිරේක (නි.ල.-04, පා.ල. - 14, ව.ප.-7, නි-1) 26
එකතුව ඕවර 107.1 කදී සියලු දෙනා දැවී  377
කඩුලු වැටීම 
1-14(චකබ්වා), 2-16(මුසකන්ඩා), 3-17(මසකඩ්සා), 4-23(අර්වින්). 5-59(විලියම්ස්), 6-145(මුවර්), 7-289(වොලර්), 8-306(රාසා), 9-361(ටිරිපානෝ), 10-377(ක්‍රීමර්)
පන්දු යැවීම
සුරාංග ලක්මාල්  14-0-43-0  
රංගන හේරත් 39.1-5-133-6  
ඩිල්රුවන් පෙරේරා 30-2-95-3  
ළහිරු කුමාර 20-3-72-1  
කුසල් මෙන්ඩිස් 4-0-16-0  
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න  - ප.විලියම්ස් 49
උපුල් තරංග - ඇ.මුවර් ප.ක්‍රීමර් 27
කුසල් මෙන්ඩිස්  - ඇ.විලියම්ස් ප.ක්‍රීමර් 66
දිනේෂ් චන්දිමාල් - ඇ.මසකඩ්සා ප.ක්‍රීමර් 15
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. සහ ප.ක්‍රීමර් 25
නිරෝෂන් දික්වැල්ල - ඇ.චකබ්වා ප.විලියම්ස් 81
අසේල ගුණරත්න  - නොදැවී  80
ඩිල්රුවන් පෙරේරා - නොදැවී  29
අතිරේක (නි.ල. - 9, පා.ල. - 8, ව-2) 19
එකතුව ඕවර 114.5 කදී කඩුලු 6 ක් දැවී  391
කඩුලු වැටීම 
1-58(තරංග), 2-108(දිමුත්), 3-133(චන්දිමාල්). 4-178(මෙන්ඩිස්), 5-203(මැතිව්ස්), 6-324(දික්වැල්ල), 
පන්දු යැවීම
සිකන්දර් රාසා  13-1-58-0  
ෂෝන් විලියම්ස් 43.5-2-146-2  
ග්‍රේම් ක්‍රීමර් 48-6-150-4  
මැල්කම් වොලර් 4-0-10-0  
ක්‍රිස් මොෆූ 6-0-10-0  
තරගයේ වීරයා  - අසේල ගුණරත්න 

වසර 140 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී හඹා යමින් සාර්ථකව ළඟාවූ ඉහළම ඉලක්ක අතරේ පස්වැනි තැන මෙම ලකුණු 388 ඉලක්කය ස්ථානගතව තිබේ.

ශ්‍රී ලංකා පිල මහත් බලාපොරොත්තු තබා සිටි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම දිවා ආහාරයට පෙර දැවී යාමෙන් පස්වැනි කඩුල්ලත් ලකුණු 203 දී බිඳ වැටිණ. එහෙත් එතැන් සිට එක්වූ දික්වැල්ල සහ අසේල ගුණරත්න දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ.

නිරන්තරයෙන් ලකුණු ලබාගනිමින් සිටි ‘රිවර්ස් ස්වීප්’ පහරක් වැරදී යාම හේතුවෙන් දික්වැල්ල ලකුණු 81 කට දැවී ගියද අසේලට එක්වූ ඩිල්රුවන් පෙරේරා තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවට යැවූ ඩිල්රුවන් සහ අසේල ගුණරත්න අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 57 ක් වෙද්දී ගුණරත්නගේ පැය තුනහමාරක ඉනිමට හතරේ පහර හයක් ඇතුළත් වී තිබිණ.

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 237 ක් ව තිබියදී සිකන්දර් රාසාගේ පන්දුවකින් නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමකට හසුවීමට ගියද ඔහු නූලෙන් බේරුණේය. ඒ වන විට ලකුණු 37 ක් පමණක් ලබා සිටි වමත් පිතිකරුවා ‘ස්වීප්’ පහර සහ ‘රිවර්ස් ස්වීප්’ පහරත් පුල් පහරත් වැඩි වශයෙන් යොදාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීමේ සටන ගෙන ගිය පෙරමුණේ රාළ විය.

පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින අසේල ගුණරත්න ප්‍රවේසමෙන් පන්දුවට පහර දෙමින් සිටියදී නොබියව තම පහර කරා ගිය දික්වැල්ල පන්දු 86 කින් සිය තුන්වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඊට හතරේ පහර 5 ක් ඇතුළත් වී තිබිණ. තරමක් කලබලකාරී පිතිකරුවකු ලෙසින් හැඳින්වෙන නමුත් මෙම ඉනිම තුළින් දික්වැල්ල විද්‍යමාන කළේ අතිශය දැඩි පීඩනයක් පවතින තත්ත්වයකදී වුවද තමන්ගේ පහර කරා යාමට ඔහුට ඇති හැකියාවයි.

උඩපන්දුවක් ගිළිහී ගියද දික්වැල්ල එයින් සසළ නොවීය. දික්වැල්ල ලකුණු 63 ක් ලබා සිටියදී ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි රෙගීස් චකබ්වාට ලැබුණු උඩපන්දුව ගිළිහී ගිය අවස්ථාවේදී ක්‍රිකට් විස්තර විචාරකයන් විමසා සිටියේ ‘චකබ්වා තරගයේ ජයග්‍රහණය අතහැරියේද? ’යන්නයි. ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහහණයට ලකුණු 102 ක් පසුපසින් සිටියේය. නොසැළුණු දික්වැල්ල දිගටම තම ගමන ගියේය.
තරගයේ අද දිනය සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න ඊයේ සවස කී දේ එලෙසින්ම සිදුවෙමින් තිබිණ.

“තණතීරුව කඩතොලු වෙලා තියෙන තැන්වලින් ඔවුන්ට විශාල සහයෝගයක් ලැබෙනවා. ක්‍රීමර් පන්දු යවන්නේම ඒ තැන්වලට. ඒත් එයා හැරෙන්න අනෙක් පන්දු යවන්නන්ගෙන් අපට ඒ තරම් තර්ජනයක් එල්ල වේවි කියලා මා හිතන්නේ නෑ”

“ෂෝන් විලියම්ස්ගෙන් වුණත් ඒ තරම් තර්ජනයක් නෑ. මොකද මා දැවී ගිය පන්දුව හැරෙන්නට අනෙක් සෑම වෙලාවකම මට අවශ්‍ය තනි ලකුණ නිතරම තිබුණා” යයි ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කී දිමුත් කරුණාරත්න..“ඉඳහිට පන්දුවක් තියුණු  ලෙස දඟ කැවේවි. ඒත් ක්‍රීමර් නම් භයානකයි. එයා හොඳින් පන්දු යවනවා” යයිද පැවසීය.

ක්‍රීමර් සහ විලියම්ස් දෙදෙනාම පන්දු යැවූයේ පිතිකරුවන් ‘ස්වීප්’ පහරට සහ ‘රිවර්ස් ස්වීප්’ පහරට පොළඹවමිනි. අද පෙරවරුවේ සිටම ක්‍රීමර් සහ විලියම්ස් දෙදෙනා විසින් යවන ලද ඕවර සංඛ්‍යාව 56.5 කි. දෙවැනි ඉනිම පුරාම සිම්බාබ්වේ ක්‍රීඩකයන් විසින් යවන ලද ඕවර 114.5 න් ඔවුන් දෙදෙනාගේ දායකත්වය ඕවර 91.5 කි.

අද පෙරවරුවේදී කඩුලු 7 ක් අතැතිව ගමන ආරම්භ කළ නමුත් ශ්‍රී ලංකා පිලට තිබූ සැනසීම විනාඩි 15 කින් නිමා විය. පිට ඉන්න එල්ලයේ වැටුණු ග්‍රේම් ක්‍රීමර්ගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස්ගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව ඉහළ යාමෙන් ෂෝන් විලියම්ස්ට පහසු උඩපන්දුවක් ලැබිණ. එයින් ලකුණු 25 කට පසුව දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුම පිතිකරුවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අතුරින් සිව්වැනි ඉනිමේදී වඩාත්ම සාර්ථක පිතිකරුවාය. ටෙස්ට් තරග වල සිවුවැනි ඉනිම වලදී ලකුණු 62.54 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස් දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායම සසළ කළ සිදුවීමක් වුවත් අසේල සහ දික්වැල්ල එක්ව තත්ත්වය වෙනස් කළහ.  

දිමුත් කරුණාරත්න කී ආකාරයෙන්ම ‘ස්වීප්’ පහර සහ ‘රිවර්ස් ස්වීප්’ පහර උපාය ලෙසින් යොදාගත් දික්වැල්ල මෙන්ම අසේල ගුණරත්න එයින් මහඟු  ප්‍රතිඵල ලබාගත්හ.

 

 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.