Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය සංචාරය සඳහා තෝරාගනු ලැබ සිටියදී සිය පියාණන්ගේ හදිසි අභාවය වෙනුවෙන් නතර වූ ඉදිරි පෙළ පිතිකරු ධනංජය ද සිල්වා කැරීබියන් දූපත් බලා අද (3 වැනිදා) පිටත්ව යාමට නියමිතය. ධනංජයගේ පියාණන් වූ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ රන්ජන් ද සිල්වා මහතා නාඳුනන තුවක්කුකරුවගේ වෙඩි ප්‍රහාරයට ලක්විය.
මෙම සිදුවීමත් සමගම ධනංජය ද සිල්වා සිය කොදෙව් සංචාරය අතහැර දැමූ අතර පියාණන්ගේ අභාවයෙන් ඇතිවූ ශෝකය පහකරගැනීම සඳහා ඔහුට ඇති තරම් කාලය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
සිය පියාණන්ගේ අවමඟුල් කටයුතු සියල්ල නිමාවූ පසුව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.
“එයා ඉරිදා දිනය ඇතුළත කොදෙව් බලා යනවා. ඒත් පළමු ටෙස්ට් තරගයට එයා ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කරාවි” යයි තේරීම් කමිටු ප්‍රධානී ග්‍රේඒම් ලැබ්රෝයි මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් බටහිර ඉන්දීය දූපත් සමූහයේ තරග සංචාරයක නිරත වූ ධනංජය එහිදී කළ සාර්ථක පිතිහරඹය නිසා නැවතත් ජාතික කණ්ඩායමට එක්විය. පසුව ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිව ශතක ලබාගත් ධනංජය ටෙස්ට් කණ්ඩායම තුළ නැවත සිය ස්ථානය තහවුරු කරගත්තේය.
මේ දක්වා ටෙස්ට් තරග 13 කදී, ටෙස්ට් ශතක 4 ක් ද සමගින්, ලකුණු 1066 ක් ලබා සිටින ධනංජය ද සිල්වාගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 46.34 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.