Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධම්මික දිගටම එංගලන්තයේ

ධම්මික දිගටම එංගලන්තයේ

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 16 වැනි කී‍්‍රඩකයා වශයෙන් ධම්මික ප‍්‍රසාද් කණ්ඩායමේ රඳවා ගත යුතු යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ධම්මික ප‍්‍රසාද් ශී‍්‍ර ලංකා - එංගලන්ත එක්දින තරගාවලිය නිමා වන තුරුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එංගලන්තයේ රැඳී සිටිනු ඇත.

නියමිත දිනයට පෙර වීසා ලබාගත නොහැකි වූ බැවින් අයර්ලන්තයේදී පැවැති එක්දින තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව තිසර පෙරේරාට අහිමි විය. තිසරගේ ස්ථානය ගැනීම සඳහා අයර්ලන්තයට ගිය ධම්මික ප‍්‍රසාද් අයර්ලන්තයේ සිට එංගලන්තය බලා ගියේය.

ආසියානු කුසලාන තරගාවලියට පෙර බංග්ලාදේශයේදී පැවැති එක්දින තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටි ධම්මික ප‍්‍රසාද් සිය අවසන් එක්දින අන්තර්ජාතික තරගයේදී ලකුණු 49 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

ශී‍්‍ර ලංකාවේ වේග පන්දු යවන්නන් අතුරින් නිරන්තරවම පැයට කිලෝ මීටර 140 කට වැඩි නැතහොත් ඊට ආසන්න වේගයකින් පන්දු යවන ධම්මික ප‍්‍රසාද්ගේ පිතිහරඹය සහ ශාරීරික යෝග්‍යතාව වඩාත් දියුණු මට්ටමකට ගෙන එමින් තුන් ඉරියව් කී‍්‍රඩකයක ලෙසින් ඔහුව යොදාගත හැකි ආකාරය පිළිබඳවද තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ.

”අපට මීලග ලෝක කුසලාන තරගාවලියේදීත් (2015 දී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තය) මුහුණ දෙන්න වෙන්නේ මේ වගේම තත්ත්වයන්ට තමා. ඒ නිසා ධම්මික වගේ කී‍්‍රඩකයකුට අවස්ථාවක් දීලා බලන්න මේක හොඳ වෙලාවක්”
”ධම්මිකට මේ අවස්ථාවෙන් හොඳ ප‍්‍රයෝජන ගන්න පුළුවන්” යයි ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයෙක් ලංකාදීපට පැවසීය.

මේ අතර ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් තරගාවලිය ආරම්භ වීමට සති දෙකකටවත් කලින් එංගලන්තය බලා යැවිය යුතු යයි තේරීම් කමිටුව විසින් කරන ලද නිර්දේශයටද කි‍්‍රකට් විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.

”අපි දැනටමත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 7 වැනි තැනට වැටිලා. සංගයි මහේලයි ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගන්න ඉස්සෙල්ලා අඩුගානේ ශ්‍රේණිගත කිරීම් අතර 3 වැනි තැනට වත් එන්න පුළුවන් නම් ඒකයි අපේ ඉලක්කය” යයි තේරීම් කමිටුවේ තවත් නිලධාරියෙක් පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කළ දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා සහ කිත්රුවන් විතානගේත්, පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ රකින්නා වූ ප‍්‍රසන්න ජයවර්ධනත් දැනට එංගලන්තය බලා ගොස් සිටින කණ්ඩායමට ඇතුළත් නොවෙති.
 


අදහස් (0)

ධම්මික දිගටම එංගලන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.