Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් තුවාල ලැබීම නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඔහුට ඉවත් වීමට සිදුවිය හැකි යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියයි. මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ධම්මිකගේ ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකුගේ වාර්තාවක් හෙට (සඳුදා) ලැබීමට නියමිත බවත් එම වාර්තාවේ තත්ත්වය අනුව ඔහු තවදුරටත් ලෝක කුසලාන සංචිතයේ තබාගන්නවාද නැද්ද යන්න තීරණයක් ගන්නා බවයි.
සෙනසුරාදා (ඊයේ) පැවැති පුහුණු සැසියක පන්දු යවමින් සිටියදී පිතිකරුවාගෙන් ලැබුණු උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ධම්මික ප‍්‍රසාද්ගේ සුළැගිල්ලේ පන්දුව වැදීමෙන් ඔහු තුවාල ලැබීය.
ඔහුගේ සුළැගිල්ලේ අස්ථියක් පුපුරා ගොස් ඇතැයි වෛද්‍ය පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී තිබේ. මෙම පුපුරා යාමට ප‍්‍රතිකාර කර ඇතත් ධම්මික ප‍්‍රසාද්ට සති තුනක පමණ කාලයක් කී‍්‍රඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවිය හැකි බවද වාර්තා වේ. එබැවින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි වී යනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
ධම්මික ප‍්‍රසාද්ගේ ස්ථානයට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නියමිත ක‍්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් මේ දක්වාම ආදේශිත කී‍්‍රඩකයා තෝරාගනු ලැබ නැති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.
එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස්ම නිලධාරියකු කෙළිමඬලට පවසා සිටියේ හෙට දිනයේ ලැබීමට නියමිත වෛද්‍ය වාර්තාව අනුව පමණක් වෙනත් කී‍්‍රඩකයකු ඒ සඳහා යොදා ගන්නවාද නැද්ද යන්න තීරණය කරන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.