Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) සිවුවැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයලස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ලකුණු 126 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 15.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (නොදැවී 77) සහ නායක කේන් විලියම්සන් (නොදැවී 36) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 121 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 57 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සමන්විත වූ අතර පන්දු 35 කදී වාර්තා වූ විලියම්සන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අතුළත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය.

රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සංජු සැම්සන් පන්දු 42 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 49 ක් රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ රෂිඞ් ඛාන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

රාජස්ථාන් පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර පිටියෙන් ඉවත් කිරීමට හයිද්‍රාබාද් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සිද්ධාර්ත් කෞල් සහ සකීබ් අල් හසන් කඩුලු 2 බැගින් දවාගත්හ.


රාජස්ථාන් රෝයලස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 125
(සංජු සැම්සන් 49, ශ්‍රෙයාස් ගෝපාල් 18, රාහුල් ටි්‍රපාති 17, සිද්ධාර්ත් කෞල් 17/2, ශකීබ් අල් හසන් 23/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 15.5 කදී කඩුල්ලක් දැවී 127
(ශිකර් ධවාන් නොදැවී 77, කේන් විලියම්සන් නොදැවී 36)


- 036

 


අදහස් (0)

ධවාන් - විලියම්සන් හයිද්‍රාබාද් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.