Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවක - ජ්‍යෙෂ්ඨ සංකලනයක්

නවක - ජ්‍යෙෂ්ඨ සංකලනයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම කණ්ඩායම අතර පැවැත්වන ක්‍රිකට් තරගාවලිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් වීමටත්, නවක ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගැනීමටත් අනගි අවස්ථාවක් බව ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පැවසීය. තරගාවලියට පෙර පැවැත්වෙන සාම්ප්‍රදායික පුවත් පත් සාකච්ඡාවේදී ගුණවර්ධන මහතා ඒ බව කියා සිටියේය.

සිව්දින තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු සිව්දින තරගය හෙට (26 වැනිදා) කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයන්ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙන බවත්, මෙවැනි අවස්ථාවලදී ලබාගන්නා අත්දැකීම් ඉදිරියේදී ඔවුන්ට වඩාත් වැදගත් වනු ඇති බවත්ය. එහිදී ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

“මේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ බහුතරයක් මගේ යටතේ පුහුණුවීම් කරපු අය. මෙතන වසය 23 න් පහළ ක්‍රීඩකයන් 6 දෙනෙක් විතර ඉන්නවා. එයාලා හැමෝම වයස 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මාත් එක්ක පුහුණුවීම් කළා. කෞෂාල් වුණත් මාත් එක්ක එකට පුහුණුවීම් කරලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රීඩකයො ගැන මම හුඟක් හොඳට දන්නවා. මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙත්, නවක ක්‍රීඩකයන්ගෙත් හොඳ සංකලනයක් තියෙනවා.”

“කෞෂාල් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මේ තරගාවලිය වැදගත් වෙන්නේ නැවත දක්ෂතා අතරට ඇවිල්ලා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනාගන්නයි. කෞෂාල් විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරපු මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරු ගමගේ වගේ ක්‍රීඩකයනුත් මේ තරගාවලියේදි නැඟී එන කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා. ඒ අයටත් එයාලගෙ දක්ෂතා වර්ධනය කරගන්න මේ තරගාවලිය හුඟක් වැදගත් වේවි.”

“තරුණ ක්‍රීඩකයන් ගත්තොත් එයාලට මේ තරගාවලියෙදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම ඉතාම හොඳ දෙයක්. මේ තරගාවලිය තුළදී එයාලට හුඟක් අත්දැකීම් ලබාගන්න පුලුවන් වේවි. අපිට චරිත් අසලංක, සම්මු අෂාන් සහ කමිඳු මෙන්ඩිස් වගේ දක්ෂ තරුණ රැසක් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒගොල්ලො ගැන අපිට තියෙන්නේ කෙටි කාලීන සැලැස්මක් නෙමෙයි, දීර්ඝ කාලීන සැලැස්මක්. ඒ නිසා එයාලට අත්දැකීම් ලබාදීලා, එයාලගේ දක්ෂතා තව තවත් වර්ධනය කරලා එයාලව ආරක්ෂා කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.” යයිද අවිශ්ක ගුණවර්ධන මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායක කෞෂාල් සිල්වා පවසා සිටියේ තමා ඇතුලු කණ්ඩායම මෙම තරගාවලිය වෙනුවෙන් සති තුනක පමණ කාලයක් පුහුණුවීම් වල නිරත වූ බවත්, නවක ක්‍රීඩකයන් සමග අත්දැකීම් බෙදාහදා ගනිමින් සාර්ථක ලෙස මෙම තරගාවලියට මුහුණුදීමට බලාපොරොත්තු වන බවත්ය. මෙම තරගාවලිය තුළදී තමාගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගනිමින් නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගැනීමට උත්සාහ කරන බවද එහිදී ඔහු පවසා සිටියේය.


ඡායාරූප - ඉෂාන් සංජීව

 


අදහස් (0)

නවක - ජ්‍යෙෂ්ඨ සංකලනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.