Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ආජාස් පටේල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 171 කට සීමා කිරීමට ආජාස් පටේල් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. හතරේ පහර 5 ක් සමග ලකුණු 65 ක් ලබා සිටි අසාර් අලී කඩුල්ල මුවා කිරීමට හසුකරගැනීමට පටේල් සමත් වීමත් සමග පාකිස්තානයට පෙනෙන මානයේ තිබූ ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරාගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.
පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹූ පටේල්, ඕවර 24.3 ක් තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 59 ක් පමණක් දෙමින් තවත් කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. නායක සර්ෆරාස් අහමඞ් (3), බිලාල් අසීෆ් (0) සහ හසන් අලී (0) ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය සෙසු පිතිකරුවෝ වූහ.
අවසන් දිනය වූ අද (19 වැනිදා) තරගය ආරම්භ කරන විට කිසිවකු නොදැවී ලකුණු 37 ක් ලබා සිටි පාකිස්තාන දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 24 ක් තුළ බිඳ වැටිණ. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා පටේල්ට අනගි සහායක් දුන් නීල් වැග්නර් සහ ඉෂ් සෝධි කඩුලු 2 බැගින් බිදහෙළුහ.
ඉමාම් උල් හක් හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, අසාද් ශෆීක් හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක්ද රැස්කිරීමට සමත් වූ නමුත් ඔවුන් කිසිවකුට පාකිස්තාන කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 153
(කේන් විලියම්සන් 63, හෙන්රි නිකලස් 28, යසීර් ෂා 54/3, හරිස් සොහෙල් 11/2, මොහොමඞ් අබ්බාස් 13/2, හසන් අලී 38/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 227
(මොහොමඞ් හෆීස් 20, හරිස් සොහෙල් 22, හාරිස් සොහේල් 38, අසාද් ෂෆීක් 43, බාබර් අසාම් 62, ටේරන්ට් බෝල්ට් 54/4, කොලින් ඩි’ ග්‍රෑන්ඞ්හෝම් 30/2, අජාස් පටේල් 64/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 249
(ජීත් රාවල් 46, කේන් විලියම්සන් 37, හෙන්රි නිකලස් 55, බී.ජේ. වොට්ලින් 59, හසන් අලී 45/5, යසීර් ෂා 110/5)
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 171
(ඉමාම් උල් හක් 27, අසාර් අලී 65, අසාද් ශෆීක් 45, ආජ්ස් පටේල් 59/5, නීල් වැග්නර් 27/2, ඉෂ් සෝධි 37/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.