Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ජලාල් යූනුස් මහතා කීවේ සිකුරාදා යාඥාව සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් දේවස්ථානය ඇතුළට යාමට සූදානම් වීමත් සමගම වෙඩි තැබීම සිදුවූ බවයි.
“ඔවුන්ට හානියක් නෑ. ඒත් ඔවුන් මානසිකව මහත් කම්පනයට පත්වෙලයි ඉන්නේ. විශ්වාසයෙන් යුතුව තමන් නැවතී සිටින හෝටලයට වෙලා ඉන්න කියලා අපි ඔවුන්ට කිව්වා” යයි ජලාල් යූනුස් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවසීය.
“වෙඩි තැබීමේදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බේරුණා. ඒත් හරිම භයංකාර අත්දැකීමක්. කරුණාකර ඔබ යාඥා කරද්දී අපවත් සිහිකරන්න” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.
නවසීලන්තයේ මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙක් කිහිප දෙනකුම මියගොස් තිබේ.
“ක්‍රයිස්ට්චර්ච් පල්ලියේදී අද සිදුවූ වෙඩි තැබීමෙන් අල්ලා දෙවිඳුන් අපව බේරා ගත්තා...අපි ඉතාමත් වාසනාවන්තයි..මේ වගේ දෙයක් නම් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්න එපා” යයි කණ්ඩායමේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් කියයි.
“වෙඩි තබන්නන්ගෙන් යන්තමින් ගැලවුණා. හදවත ගැහෙන වේගය පාලනය කරගන්න බෑ..හැම තැනම මහ කලබලයක්” යයි කණ්ඩායමේ උසස් දස්කම් විශ්ලේශක ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් කීවේය.
බංග්ලාදේශ ක්‍රීඩකයන් අල් නූර් දේවස්ථානය අසළට ළඟාවූ විගසම ඇතුලේ වෙඩි තැබීමක් සිදුවෙන බව කිසිවකු විසින් ක්‍රීඩකයන්ට දැනුම් දී තිබේ. ඒ සැණින්ම නැවතත් බංග්ලාදේශ බසයට ඇතුළු වූ ක්‍රීඩකයෝ බසයේ බිම දිගා වූහ.
මෙම වෙඩි තැබීම නිසා නවසීලන්තය සහ බංග්ලාදේශය අතර සෙනසුරාදා (16 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි ටෙස්ට් තරගය අවලංගු කර දමා තිබේ.
මෙම වාර්තාව ඉතා ඉක්මනින් යාවත්කාලීන වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.