Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඕක්ලන්ඞ්හි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 40 ක ජයක් ලැබීමට නවසීලන්ත ක‍්‍රීඩකයෝ අද (09 වැනිදා) සමත් වූහ.
ලකුණු 407 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 366 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. නවසීලන්තය වෙනුවෙන් වමතින් මද වේග පන්දු යවන නීල් වැග්නර් ඉනිම දෙකේදී ලකුණු 126 කට කඩුලූ 8 ක් දවා ගත්තේය.
නවසීලන්ත පළමු ඉනිමේදී නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 224 ක් රැස් කිරීම කැපී පෙනුණි.
නවසීලන්ත පිල පළමු ඉනිම 503 (කේන් විලියම්සන් 113, බ්‍රෙන්ඩන් මැකලම් 224, කොරී ඇන්ඩසන් 77, ටිම් සවුති 28, ඉෂාන්ත් ශර්මා 134/6) සහ දෙවැනි ඉනිම 105 (රෝස් ටේලර් 41, මොහොමඞ් ශමී 37/3, ඉශාන්ත් ශර්මා 28/3)
ඉන්දියාව පළමු ඉනිම 202 (මුරලි විජේ 26, රෝහිත් ශර්මා 72, අජින්යා රෙහෙනේ 26, රවින්ද්‍ර ජඬේජා නොදැවී 30, නීල් වැග්නර් 64/4) සහ දෙවැනි ඉනිම 366 (ශීකර් දාවන් 115, විරාට් කෝලි 67, මහේන්ද්‍ර සිං දෝනි 39, රවින්ද්‍ර ජඬේජා 26, නීල් වැග්නර් 62/4, ටි‍්‍රන්ට් බෝල්ට් 86/3, ටිම් සවුති 81/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.