Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 52 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 481 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 429 ක් පමණි.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 255 ක් එක්කර ගත්හ. එහිදී බංග්ලාදේශ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 235 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෞම්‍ය සාකර් (149) සහ නායක මහමදුල්ලා රියාද් (146) සමත් වූහ.

ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ලකුණු 150 සීමාව පෙනි පෙනී දැවී ගිය සාකර්, සිය මංගල ටෙස්ට් ශතකයට හයේ පහර 5 කින් සහ හතරේ පහර 21 කින් සැරසීය. මහමදුල්ලා සිය සිවුවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 21 ක් සමගිනි.

කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ද ඇතුළත්ව බංගල්දේශ කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් 5 දෙනාම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 123 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ටිම් සවුති ලකුණු 98 කට කඩුලු 3 ක්ද, නීල් වැග්නර් ලකුණු 104 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා බෝල්ට්ට අනගි සහායක් දුන්හ.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 234
(ටමීම් ඉක්බාල් 126, ශද්මන් ඉස්ලාම් 24, මහමදුල්ලා රියාද් 22, ලිටන් දාස් 29, නීල් වැග්නර් 47/5, ටිම් සවුති 76/3)

නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 715
(ජීත් රාවල් 132, ටොම් ලැතම් 161, කේන් විලියම්සන් නොදැවී 200, හෙන්රි නිකෝල්ස් 53, නීල් වැග්නර් 47, බී.ජේ. වොට්ලින් 31, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 76, සෞම්‍ය සර්කාර් 68/2, මෙහෙදි හසන් 246/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 429   
(ටමීම් ඉක්බාල් 74, ශද්මන් ඉස්ලාම් 37, සෞම්‍ය සාකර් 149, මහමදුල්ලා රියාද් 146, ටේ‍රන්ට් බෝල්ට් 123/5, ටිම් සවුති 98/3, නීල් වැග්නර් 104/2)


-036

 


අදහස් (0)

නවසීලන්තය ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.