Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය ලකුණු 153 කට සීමාවෙයි

නවසීලන්තය ලකුණු 153 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබීහිදී අද (16 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 153 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 63 ක් රැස්කළ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර පන්දු 112 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

යසීර් ෂා කඩුලු 3 ක්ද සොහෙල්, මොහොමඞ් අබ්බාස් සහ හසන් අලී කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ලකුණු 39 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ කේන් විලියම්සන් සහ හෙන්රි නිකලස් ලකුණු 72 සම්බන්ධතාවයක් පවත්වමින් නවසීලන්ත ඉනිම ගොඩනැගීමට උත්සහ දැරුවද සෙසු පිතිකරුවෝ අසාර්ථක වීම නිමා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූහ.

පළමු දිනය නිමාවනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම ලකුණු 59 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය.

අසාර් අලී ලකුණු 10 ක් සහ හරිස් සොහෙල් ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.


නවසීලන්ත පළමු ඉනිම - ඕවර 66.3 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(කේන් විලියම්සන් 63, හෙන්රි නිකලස් 28, යසීර් ෂා 54/3, හරිස් සොහෙල් 11/2, මොහොමඞ් අබ්බාස් 13/2, හසන් අලී 38/2)

පාකිස්තාන පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 59
(මොහොමඞ් හෆීස් 20, හරිස් සොහෙල් නොදැවී 22)

 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 153 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.