Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන්හි සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (28 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 86 ක් ලබා සිටියේය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ කඩුලු 10 ම අතැතිව බංග්ලාදේශයට වඩා තවත් ලකුණු 148 ක් පසුපසින් සිටියි. දිනය නිමාවන විට ආරම්භක පිතිකරුවන් වූ ජීත් රාවල් හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක්ද, ටොම් ලේතම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට නීල් වැග්නර්ගේ සහ ටිම් සවුතිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 234 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වැග්නර් ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගත් අතර බංග්ලාදේශ පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටිම් සවුති ලකුණු 76 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ටමීම් ඉක්බාල් හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගින් ලකුණු 126 ක් රැස්කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් ශද්මන් ඉස්ලාම් (24) සමග එක්ව ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉක්බාල්, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් මොමිනුල් හක් (12) සමග එක්ව ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 234
(ටමීම් ඉක්බාල් 126, ශද්මන් ඉස්ලාම් 24, මහමදුල්ලා රියාද් 22, ලිටන් දාස් 29, නීල් වැග්නර් 47/5, ටිම් සවුති 76/3)
නවසීලන්ත පළමු ඉනිම - කිසිවකු නොදැවී 86
(ජීත් රාවල් නොදැවී 51, ටොම් ලේතම් නොදැවී 35)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.