Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 173 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත පිතිකරුවන්ගේ ගමන ඕවර 5.2 කදී නතර කරමින් චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයට වර්ෂාව කඩා වැදුණු නමුත් ඒ වන විටත් ඕවර 5.2 ක් යවා තිබුණ හෙයින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ තරගයකදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව නවසීලන්ත පිලට ජය හිමිවිය.
තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබාසිටි අතර ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව ලකුණු 9 ක් ඉදිරියෙන් සිටියේය.
ඉතාමත් දැඩි අකුණු ගැසීම් සමගින් ආරම්භ වූ වර්ෂාව මඳ වේලාවකින් තරමක් දැඩිව පැවැති නමුත් ආවරණය කරන ලද්දේ තණතීරුව අවට ප‍්‍රමාණය පමණි. මඳ වේලාවකින් වර්ෂාව නතර වී පසුව යළිත් වැස්ස ආරම්භ වීම නිසා තරගය නැවතත් ආරම්භ කළ නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය ඕවර 20 නිමාවේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය.
ආරම්භක පිතිකරු මයිකල් ලම්බ් සහ අංක 3 පිතිකරු මුයින් අලී එක්ව පන්දු 44 කදී එක්කළ ලකුණු 72 මත සිට සිය ඉනිම ගොඩනැංවූ එංගලන්ත මැද පෙළ පිතිකරුවෝ අවසන් ඕවර 10 දී නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් ලකුණු 89 ක් උදුරා ගැනීම සමත් වූහ.
කයිල් මිල්ස්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් නිසා ඉනිමේ තුන්වැනි පන්දුවේදීම ඇලෙක්ස් හේල්ස් දැවී ගිය නමුත් නවසීලන්ත පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් පහර දුන් මුයින් අලී එංගලන්ත පිතිකරුවන් බලාපොරොත්තුව සිටි ජවය ඉනිමට එක් කළේය. අනතුරුව අද දිගහැර පහර දුන් මයිකල් ලම්බ් පන්දු 24 කින් ලකුණු 33 ක් ලබාගත් අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව වූ ලකුණු 72 න් මුයින් අලිගේ දායකත්වය පන්දු 23 කදී ලකුණු 36 කි.
පන්දු 23 කදී තවත් ලකුණු 32 ක් ලබාගත් ජොස් බට්ලර් සහ රවී බොපාරා (නොදැවී 24) එංගලන්තය බලාපොරොත්තුව සිටි ඉසව්වට තම පිල කැඳවාගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.