Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සිවුවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම පළමු දිනය වු අද (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය.
පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වන නවීන් ප්‍රනාන්දු සහ රොහාන් සංජය පිළිවෙලින් ලකුණු 19 ක් සහ 8 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනාගේම ඉනිම්වලට හතරේ පහර 2 බැගින් අන්තර්ගත වී තිබිණ.
ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක නිපුන් ධනංජය ලකුණු නොළබා දැවී ගියේ ශහීන් අලාම්ගේ පන්දුවක් හමුවේ රිෂාඞ් හුසේන අතට උඩ පන්දුවක් දෙමිනි. ඒ සමගම මෙතෙක් අංක 3 පිතිකරු ලෙස කටයුතු කළ ධනංජය, ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කලමණාකාරීවය ගත් තීරණය ප්‍රතිඵල රහිත විය.
ධනංජයගේ දැවීයාමෙන් අනතුරුව නවෝද් පරණවිතාන (79) සමග එක්වූ කමිල් මිෂාර (52) ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුනේ ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පැය තුනකට අධික කාලයක් කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු පරණවිතාන හතරේ පහර 9 ක් සමගින් ලකුණු රැස්කල අතර පැය 2 ක් පුරා පන්දුවට පහරදුන් මිෂාරගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.
රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මිෂාර දැවීයාමත් සමග ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. මිෂාරගේ දැවීයාමෙන් පසු ලකුණු පුවරුවට තවත් ලකුණු 22 ක් එක්වන විට පරණවිතානටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවුයේ ශහීන් අලාම්ගේ පන්දුවක් හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ නායක තව්හිද් රිඩෝයි අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි.
ඉන් අනතුරුව කිසිදු කඩුල්ලක් වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ අසමත් වූ අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ බිඳවැටුණ අවසන් කඩුලු 7 ම ලකුණු 51 ක් තුළ බිඳ වැටීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අලාම් ලකුණු 37 කට කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වූ අතර ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 45 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් පිල - කඩුලු 9 කට 219
(නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, චමිඳු විජේසිංහ 17, ශහීන් අලාම් 37/5, රිතුන්ජෝයි චෞද්‍රි 45/2)
කමිල් මිෂාර
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.