Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නායකත්වය මැතිව්ස්ට හෝ චන්දිමාල්ට

නායකත්වය මැතිව්ස්ට හෝ චන්දිමාල්ට

Nisanka Sandeepani - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වය හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හෝ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අදහස් කරයි. තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට දැනුම් දී තිබේ. 

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, උප සභාපති කේ. මතිවානන්, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි, කණ්ඩායම් කළමණාකරු අසංක  ගුරුසිංහ සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (3 වැනිදා) පැවැත්විණ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දැඩි සේ අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබිණ. එහිදී ඇන්ජලෝ මැතිව්ස්ට නැවත වරක් නායකත්වය පැවරීම සම්බන්ධයෙන් වැඩිදුර කතාබහට ලක්වූ නමුත් මැතිව්ස් දිගින් දිගටම ආබාධ වලට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට එම වගකීම පැවරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී තිබේ. 
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න ලබන 9 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 

 


අදහස් (0)

නායකත්වය මැතිව්ස්ට හෝ චන්දිමාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.