Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නායකත්ව අර්බුදය ගැන තවමත් කතා

නායකත්ව අර්බුදය ගැන තවමත් කතා

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා තිසර පෙරේරා සහ ලසිත් මාලිංග සමග එක්ව සාකච්ඡා කරන ලෙසත් එහිදී මැදිහත්කරු ලෙසින් කටයුතු කරන ලෙසත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට දැනුම් දී තිබිණ. බංග්ලාදේශයේදී පැවැති බී.පී.එල්. තරගාවලියට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි තිසර පෙරේරාට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සහ ලසිත් මාලිංග ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයේදී හමුවූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වහාම වෙනස් කරන්න’යි තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැන්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු නායක මැතිව්ස් සහ වත්මන් නායක මාලිංග සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබිණ.

ශ්‍රී ලංකා පිලේ නායකයන් සිව්දෙනා සමග පැවැති සාකච්ඡාවට පසුව ක්‍රීඩා ඇමතිවරයා ඡයාරූපයකට පෙනී සිටි අයුරු.


-036

 


අදහස් (0)

නායකත්ව අර්බුදය ගැන තවමත් කතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.