Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංකට හිමිව තිබේ. මෙම තරගාවලියේදී අසලංකගේ උප නායකයා ලෙස සම්මු අශාන් නම්කර තිබේ.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගී එන සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුෂංක, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
මේ මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ ඊට එක්ව සිටියි. ‘ඒ’ කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ඕමානයයි.
පාකිස්තානය, බංග්ලාදේශය, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරග දෙසැම්බර් මස 6 වැනිදා සිට පාකිස්තානයේදී පැවැත්වේ. කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් අතර අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර එම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
තරගාවලියේ අවසන් පූර්ව තරග දෙසැම්බර් 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය දෙසැම්බර් 15 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නැගී එන සංචිතය
චරිත් අසලංක (නායක), සම්මු අශාන් (උප නායක), කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, නිෂාන් මධුෂංක, ජෙෆ්රි වැනිඩසේ, ලසිත් ඇඹූල්දෙණිය, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල් සහ චාමික කරුණාරත්න
මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග
දෙසැම්බර් 7 - ඕමානයට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද
දෙසැම්බර් 8 - ඇෆ්ගනිස්තානයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදීද
දෙසැම්බර් 10 - ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.