Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නැගී එන පිලේ නායකත්වය කෞෂාල්ට

නැගී එන පිලේ නායකත්වය කෞෂාල්ට

Nisanka Sandeepani - 2018 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත නිලනොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් පිතිකරු කෞෂාල් සිල්වා වෙත පවරා ඇත. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායකයෙක්වූ චරිත් අසලංක උපනායකයා වශයෙන් පත්කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
කෞෂාල් සිල්වාට අමතරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සඳහා ටෙස්ට් ක්‍රීඩකයින් වන මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරු ගමගේ කැඳවා සිටිති. 
 
ශ්‍රී ලංකා සංචිතය
කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සම්මු අශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න.
 
අතිරේක ක්‍රීඩකයෝ
නිසල තාරක, හසිත බෝයගොඩ
 
තරග කාල සටහන 
 
ජූලීි 26 - ජුනි 29 : පළමු සිවුදින තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදීත් 
 
අගෝ: 2 - අගෝ 5 : දෙවැනි සිව්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 
 
අගෝස්තු 9 : පළමු එක්දින තරගය රංගිරි දඹූල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
 
අගෝස්තු 11 : දෙවනි එක්දින තරගය රංගිරි දඹූල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
 
අගෝස්තු 14 : තෙවැනි එක්දින තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී 

අදහස් (0)

නැගී එන පිලේ නායකත්වය කෞෂාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.