Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. 

පුහුණු තරගයේ පළමු ඉනිමේදී පන්දු යවමින් සිටියදී ප්‍රදීප් මෙම ආබාධයට ලක්ව ඇති අතර ඉන් අනුරුව ඔහු පන්දු රැකීමෙන් වැලකී ප්‍රතිකාර ලබාගැනීම සඳහා පිටියෙන් ගොස් ඇත. අබාධයට ලක්වීමට පෙර එම තරගයේදී ඔහු යවා ඇත්තේ ඕවර 2 ක් පමණි. 

මේ දක්වා ටෙස්ට් තරග 28 කට ක්‍රීඩා කර ඇති ප්‍රදීප් එහිදී කඩුලු 70 ක් බිඳහෙළා ඇත්තේ 42.90 ක සාමාන්‍යයක් රැඳවාගනිමිනි. ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථාවක් සහ කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 6 ක් ඇතුළත් වේ. 

මේ අතර පුහුණු තරගයේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් වැදීම නිසා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය කුසල් මෙන්ඩිස්, මේ වන විට එම ආබාධ තත්වයෙන් පූර්ණ සුවය ලබා පළමු ටෙස්ට් තරගයට සහාගි වීමට සූදානමින් සිටියි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර බ්‍රිස්බේන්හිදී  දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

-036 


අදහස් (0)

නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.