Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම්කරමින් සිටින බව වාර්තා වේ. මෙම තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මෙම තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ යන කණ්ඩායම් සහභාගී වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
ඩුබායිහිදී පසුගියදා පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රැස්වීම අතරතුරදී එම රටවල ක්‍රිකට් ආයතන නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ අදහස් හුවමාරුකරගනෙ ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ එම රටවල් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
“අපි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් දෙක සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් සෙසු රටවල් පිළිබඳව අවධානයෙන් පසුවෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය ලබන ජූලි මස 14 වැනිදා අවසන් වීමට නියමිත අතර එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයේදී එක්දින තරගාවලියකට සහභගි වෙයි. ඉන් පසුව නවසීලන්ත පිල දීර්ඝ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.