Last Update  :  2025-04-22 20:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නික් පොතාස්ගෙන් අවවාදයක්

නික් පොතාස්ගෙන් අවවාදයක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාවට ශ්‍රී ලංකාව හමුවේ කිසියම් ප්‍රසාද ලකුණක් එකතුකර ගැනීමට නම් ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත යුතුව තිබේ. එය කිසිසේත්ම හොඳ ආරංචියක් නම් නොවේ.
 
මක්නිසාද යත් මේ වන විට ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටියද ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රසාද ලකුණු 125 ට තවත් කීයක් හෝ එකතු කරගැනීම ඉන්දියානුවන්ගේ පමණක් නොව ලොව ඕනෑම කණ්ඩායමක බලාපොරොත්තුව වන බැවිනි. 
 
මේ බව හොඳින්ම දන්නා ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් මහතා තමන්ගේ ක්‍රීඩකයන්ට තදබල අවවාදයක් දී තිබේ. එනම් ඉන්දියානුවන් හමුවේ ‘මුළා නොවන’ ලෙසයි. 
ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොල්කටාවට ගිය ගමන්ම පොතාස් මහතා කියා සිටියේ මීට මාස දෙක තුනකට ඉහතදී පැවැති තරගාවලියේදී ඉන්දියානුවන් තමන්ට පාඩම් රැසක්ම කියා දුන් බවයි. 
 
“අපි දියුණු කරගත යුතු අංශවලදී ඔවුන් කොයිතරම් හොඳින් ක්‍රීඩා කරනවාද කියා අප හොඳින්ම දුටුවා. ඒක අභ්‍යන්තර වශයෙන් විනය, කණ්ඩායම් සංස්කෘතිය වගේම එකට බැඳී සිටීම ගැනත් අගනා පාඩම්” යයි කී පොතාස් මහතා....
 
“මෙතනදී සිදුවෙන්න පුළුවන් වැරැද්ද තමයි අපි මෙහි ආවට පස්සේ ඔවුන් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරලා මුළාවේ වැටීම...අපි දන්නවා ඔවුන් හොඳ කණ්ඩායමක්. ඒත් අපි මාස කිහිපයකට ඉස්සරවෙලා ඔවුන් සමග ක්‍රීඩා කළා” යයිද නික් පොතාස් මහතා මාධ්‍ය හමුවේ පවසා තිබිණ. 
 
පුහුණුකරු පොතාස් මහතාගේ කතාව දෙපිට කැපෙන පිහිතලයක් මෙනි. එයින් ගතහැකි අරුත් දෙකක් තිබේ. 
 
එකක් ඉන්දියානුවන් ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම වන බැවින් ඔවන් හා තරග කිරීමේදී පරෙස්සම් විය යුතු බවත් ඔවුන් පරාජය කිරීම පහසු නෙවෙන බවත්ය. එහෙත් “ ...අපි දන්නවා ඔවුන් හොඳ කණ්ඩායමක්. ඒත් අපි මාස කිහිපයකට ඉස්සරවෙලා ඔවුන් සමග ක්‍රීඩා කළා” යන්නෙන් කියැවෙන්නේ එහි අනෙක් පැත්තයි. 
 
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට පෙර සිටම කියමින් සිටියේ ටෙස්ට් තත්ත්වය ලබා වසර 35 ක් ගතවූ නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාවේදී ටෙස්ට් ජයක් ලබා නැති බවත් තමන්ගේ එකම අරමුණ ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීම බවත්ය. 
 
ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම හමුවේ ඔවුන්ගේම මවුබිමේදී තරග කිරීමත් චන්දිමාල්ගේ අරමුණත් අතරේ දෝලනය වෙමින් තරග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. 
 
තරගාවලියේ ප්‍රතිඵලය අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් වල ප්‍රසාද ලකුණු වෙනස්වීම පහත පරිදි වේ. 
 
ඉන්දියාවට 3-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 127 : ශ්‍රී ලංකාව 92
ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 125 : ශ්‍රී ලංකාව 93
ඉන්දියාවට 1-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 124 : ශ්‍රී ලංකාව 94
ඉන්දියාවට 2-1 ක තරගාවලි ජයක් - ඉන්දියාව 124 : ශ්‍රී ලංකාව 94
තරගාවලිය ජය පැරදුමෙන් තොර වීමේදී - ඉන්දියාව 122 : ශ්‍රී ලංකාව 97
ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 119 : ශ්‍රී ලංකාව 99
ශ්‍රී ලංකාවට 2-1 ක තරගාවලි ජයක් - ඉන්දියාව 119 : ශ්‍රී ලංකාව 99
ශ්‍රී ලංකාවට 2-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 118 : ශ්‍රී ලංකාව 100
ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක් - ඉන්දියාව 117 : ශ්‍රී ලංකාව 101
 
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ  ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුව 
 
 
 
 

අදහස් (0)

නික් පොතාස්ගෙන් අවවාදයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.