Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී අද (16 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
හෙන්රි නිකලස් (නොදැවී 52) සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (නොදැවී 74) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 109 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 70 කදී වාර්තා වූ නිකලස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 40 කදී වාර්තා වූ ග්‍රෑන්ඞ්හෝම්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.
අරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාටින් ගප්ටිල් (31) සහ කොලින් මුන්රෝ (56) නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 42 කට මුහුණදුන් මුන්රෝ හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.
එහිදී පාකිස්තාන වේග පන්දු යවන්නන් දැඩි ලෙස පහර කෑමකට ලක් වූ අතර හසන් අලීගේ ඕවර 9 දී ලකුණු 60 ක්ද, රුම්මාන් රායිස්ගේ ඕවර 9 දී ලකුණු 59 ක්ද රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ. පාකිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ශඩාබ් ඛාන් ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 262 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 80 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 81 ක් රැස්කළේය.
නායක සර්ෆරාස් අහමඞ් (51) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෆීස් සමත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ අහමඞ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනාට අමතරව ෆකාර් සමාන් (54) සහ හාරිස් සොහේල්ද (50) අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ටිම් සවුති කඩුලු 3 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් පීඩනයට පත් කළ අතර කේන් විලියම්සන් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේ හාරිස් සොහේල්ගේ කඩුල්ලත් සමගිනි.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් 4-0 ක් ලෙස ජයගැනීමට නවසීලන්ය සමත්ව සිටින අතර දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය 19 වැනිදා වෙලින්ග්ටන්හිදී පැවැත්වීමට නියමිතය.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 262
(ෆකාර් සමාන් 54, හාරිස් සොහේල් 50, මොහොමඞ් හෆීස් 81, සර්ෆරාස් අහමඞ් 51, ටිම් සවුති 44/3, කේන් විලියම්සන් 32/2)
නවසීලන්තය - ඕවර 45.5 කදී කඩුලු 5 ක් දැවී 263
(මාටින් ගප්ටිල් 31, කොලින් මුන්රෝ 56, කේන් විලියම්සන් 32, හෙන්රි නිකලස් නොදැවී 52, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 74, ශඩාබ් ඛාන් 42/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.