Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් පන්දුවේදී ජයගනිති

පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් පන්දුවේදී ජයගනිති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 22 තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අන්කිත් රාජ්පුත්, ඇන්ඩෘ ටේ සහ මුජීබ් රහමන් කඩුලු 2 බැගින් දවාගත්හ.

දිල්ලි කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 16 ක් අවශ්‍ය වූවත්, හයේ සහ හතරේ පහරක් සමග එහිදී ඔවුන්ට රැස්කගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. දිල්ලි කණ්ඩායමට තරගය ජයගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් අර්ධ ශතකයක් ලබා සිටි ශෙයාස් අයියර් (57), ඉනිමේ අවසන් පන්දුවේදී පිටියෙන් ඉවත් කිරීමට මුජීබ් ඛාන් සමත් විය. පන්දු 25 කදී වාර්තා වූ අයියර්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස්  XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තේය. එහිදී පන්ජාබ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කරුන් නායර් පන්දු 32 කදී ලකුණු 34 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, මායන්ක් අගර්වාල් හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද, ඬේවිඞ් මිලර් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද බැගින් ලබා පන්ජාබ් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලයෑම් ප්ලන්කට් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර ටේ‍රන්ට් බෝල්ට් සහ ආවේෂ් ඛාන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 143
(ලෝකේෂ් රාහුල් 23, මායන්ක් අගර්වාල් 21, කරුන් නායර් 34, ඬේවිඞ් මිලර් 26, ලයෑම් ප්ලන්කට් 17/3, ටේ‍රන් බෝල්ට් 21/2, ආවේෂ් ඛාන් 36/2)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 139
(ප්‍රිත්වි ෂෝ 22, ශෙයාස් අයියර් 57, රාහුල් ටේවටියා 24, අන්කිත් රාජ්පුත් 23/2, ඇන්ඩෘ ටේ 25/2, මුජීබ් රහමන් 25/2)


- 036

 


අදහස් (0)

පන්ජාබ් ක්‍රීඩකයෝ අවසන් පන්දුවේදී ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.