Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 15 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වූ පන්ජාබ් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින නමුත් දල ලකුණු වේගය ඍණ අගයක පැවතීම හේතුවෙන් ඔවුන්ට හිමිවී ඇත්තේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි.
සන්රයිසස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් තරග 2 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටිති. එහිදී දල ලකුණු වේගය අනුව හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයටත්, කොල්කටා කණ්ඩායම එහි සිවුවැනි ස්ථානයටත් පත්ව සිටිති. දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් පිළිවෙලින් පස්වැනි සහ හයවැනි ස්ථානවල රැදී සිටිති.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 3 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 254 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 100 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 127.00 ක් ලෙස සටහන් වේ.
හයිද්‍රාබාද් කණ්ඩායමේම ක්‍රීඩකයකු වන ජොනී බෙයාස්ට්‍රෝ (ඉනිම් 3 කදී ලකුණු 198) සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඔන්ඩි්‍ර රසල් (ඉනිම් 3 කදී ලකුණු 159) පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චාහල් සමත් වී ඇති අතර තරග 4 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 8 කි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගැනීම චාහල්ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.
චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ඉම්රාන් තාහිර් තරග 4 කදී කඩුලු 7 ක්ද, ඞ්වේන් බ්‍රාවෝ තරග 4 කදී කඩුලු 7 ක්ද දවාගනිමින් පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.