Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පසුගිය වසරේදී පැවැති එක්දින තරගාවලි දෙකේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගත් නමුත් හෙට (1 වැනිදා) එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගය අලූත්ම තරගයක් බවත් තමන් ඒ බව මනාව තේරුම් ගනිමින් ඊට සූදානම් වී සිටින බවත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු මහතා පවසයි.
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පසුගිය බ‍්‍රහස්පතින්දා බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති දිවා/රාතී‍්‍ර තරගයට සහභාගි වීමෙන් පසුව මෙල්බර්න් සිට නවසීලන්තයේ වෙලින්ටන් නුවර බලා පියාසර කළ ශී‍්‍ර ලංකා පිල ඉතා වෙහෙසකර තත්ත්වයයෙන් පසුවීම නිසා අද (28 වැනිදා) පුහුණුවීම් කිරීමෙන් වැළකී සිටියේය.
මෙම නගර දෙක අතර ගමන් කාලයට අමතරව හිටි අඩියේම පැය දෙකකින් ඉදිරියට යාමටත් ශී‍්‍ර ලංකා පිලට සිදුවිය.
”මේක වෙනස් තරගයක්....වෙනස් තරගාවලියක්.....වෙනස් අකාරයේ පීඩනයක්”
”අපි ඒ සේරම වටහාගෙනයි ඉන්නේ...හැබැයි අපේ කී‍්‍රඩකයන් වෙහෙස කරවන්නේ නැතිව තරගාවලට ඉදිරිපත් කරවීමත් වැදගත්”යයි මාවන් අතපත්තු අද පස්වරුවේ වෙලින්ටන් නුවරදී පැවසීය.
ඇෆ්ඝනිස්ථානයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකම ජයගත් නමුත් ශී‍්‍ර ලංකා පිලේ පන්දු රැුකීම නම් පුහුණුකරුවාගේ නොසතුටට හේතු වී තිබේ. විශේෂයෙන්ම උඩපන්දු රැුකීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පෙන්නුම් කරන දුර්වලතා සම්බන්ධයෙන් මාවන් අතපත්තු මහත් කණස්සල්ලට පත්ව සිටී.
පුවත් පත් සාකච්ඡව පැවැත්වූ වෙලින්ටන් නුවර බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදීම පැවැති ටෙස්ට් තරගයකදී උඩපන්දුවක් ගිලිහී යාම නිසා ටෙස්ට් තරගයක් පරාජය වූ ආකාරය සිහිපත් කළ ශී‍්‍ර ලංකා පුහුණුකරුවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කළ යුතු යයිද පැවසීය. (ශී‍්‍ර ලංකා /එංගලන්ත ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නේ මෙම කී‍්‍රඩාංගණයේ නොව වෙලින්ටන් කලාපීය කී‍්‍රඩාංගණය හෙවත් වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදීය)
”එහෙම කිව්වා වුණත්, අප පන්දු රැකීමේදී ඉතාමත් විශිෂ්ට දස්කම් පෙන්නපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම අසාර්ථක වුණ වෙලාවලූත් තියෙනවා”
”ඒත් මේ වගේ දීර්ඝ චාරිකා වලදී වඩාත් වැදගත් වෙන්නේ හැම දෙයක්ම නිසි පරිදි සමබරව පවත්වාගෙන යාමයි...ඇරත් අපේ කී‍්‍රඩකයන් හැම කෙනාවම වගේ නිතරම ප‍්‍රබෝධයෙන් තියන්නත් අප උත්සාහ කරනවා” යයිද මාවන් අතපත්තු වැඩිදුරටත් පැවසීය.
එක්දින අන්තර්ජාතික තරග වල වත්මන් ස්වරූපය අනුව පිතිකරුවෝ තනි ඉනිමකදී ලකුණු 200 ත් ඉක්මවා ලබාගනිති. එබැවින් වත්මන් එංගලන්ත පිලේ ඕනෑම පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු තමන්ට තර්ජනයක් විය හැකි බවත් තමන් ඒ පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් පසුවන බවත් මාවන් අතපත්තු කියයි.
අංක 8 පිතිකරුවා (බොහෝ විට තිසර පෙරේරා) එදා ඇෆ්ඝනිස්ථානු පිලට එරෙහිව පන්දුවට පහර දුන් ආකාරයට සෑම තරගයකදීම පන්දුවට පහර දීම ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂාවයි. එවන් පිතිකරුවකු එම ස්ථානය සඳහා තෝරාගෙන ඇත්තේ එම කාර්යයේ ඇති සුවිශේෂී වගකීම සහ වැදගත්කම හේතුවෙනි.
ඒ කෙසේ වෙතත් තිසර පෙරේරා සිය ඕවර 10 යැවීමට සූදානම් විය යුතු බවත් ඕනෑම තරගයකදී ඔහුට ඕවර 10 ක් යවමින් තමන්ගේ වගකීම ඉටුකිරීමට තරම් ශක්තියක් ඇති, සැබෑ තුන් ඉරියව් කී‍්‍රඩකයකු යයි කණ්ඩායම විශ්වාස කරන බවත් මාවන් අතපත්තු කියයි.
සෑම ලෝක කුසලාන තරගාවලියකදීම වඩාත් වැදගත් වන්නේ අවශ්‍ය අවස්ථාවේදී තමන්ගේ දස්කම් උපරිම තලයට ගැනීමයි. එහෙත් ලෝක කුසලාන තරගාවලියක සෑම තරගයක්ම ඉතාමත් වැදගත් තරගයකි. මක්නිසාද යත් මූලික වටයේදී දස්කම් අනුව ලබාගන්නා ප‍්‍රසාද ලකුණු මත අර්ධ අවසන් පූර්ව වටයේදී මුණගැසෙන ප‍්‍රතිවාදියා තීරණය වන බැවිනි.
බොහෝ පැති වලින් බලනා කල්හි එංගලන්තය සමබර කණ්ඩායමක් බව මාවන් අතපත්තු කියයි. එහෙත් මේ දක්වා සිදුවී ඇති සිදුවීම් දෙස බලන කල්හි එංගලන්තයට ඒ සිදුවීම් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
”එහෙම වුණත් පසුගියදා ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයට ඔවුන් සුදුසුකම් ලබාගත්තා. එංගලන්තය පැත්තෙන් බලන කල එය ඔවුන්ට හොඳ දෙයක්”
”ඔවන්ගේ කණ්ඩායමේ ඉතාමත් හොඳ පිතිකරුවන් ඉන්නවා. පිතිකරුවන් අසාර්ථක වුණොත් ඒ වෙනුවෙන් බර කරට ගන්න පුළුවන් ඉතාමත් හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.
පසුගිය සතියේදී එංගලන්ත - නවසීලන්ත තරගයේදී ටිම් සවුතී පන්දුව දෝලනය කළ ආකාරයට මෙම තරගයේදීත් පන්දුව දෝලනය වනු ඇතැයි එංගලන්ත නායක ඔයින් මෝගන් ඊයේ අනාවැකියක් කීවේය. එහෙත් මාවන් ඒ ගැන කරදර නොවේ.
”අපේ නෙමෙයි, කොයි කණ්ඩායමේ වුණත්, කිසිම පිතිකරුවෙක් කැමති වෙන්නේ නෑ පන්දුව දෝලනය වෙනවාට... ඒ ටිම් සවුතිගේ හැකියාවයි....ඒත් ඒ ආකාරයට පන්දුව දෝලනය කරන්න හැම පන්දු යවන්නාටම බෑ”
” ඒ කොහොම වුණත්, පන්දුව දෝලනය වෙනවා නම් පිතිකරුවන්ට ටිකක් අමාරුවේවි” යයි පැවසූ ශී‍්‍ර ලංකා පුහුණුකරුවා...උපුල් තරංග නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ පිතිකරු ලයිස්තුවේ ඕනෑම තැනකින් පන්දුවට පහර දීමට ඔහුට තිබෙන හැකියාව ගැනත් සලකා බැලීමෙන් පසුව බවද ප‍්‍රකාශ කළේය.
”ඔහු ඒ බව පිත්තෙන්ම අපට කියා දීලා තියෙනවා. ඔහුගේ සංඛ්‍යාත්මක දත්ත ඒ බව සනාථ කරනවා....තරංග කණ්ඩායමට ඕනෑ කියලා අපට හිතුණොත් පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 7 දක්වා ඕනෑම තැනකින් ඔහු පිටියට පිවිසිය හැකියි” යයිද මාවන් අතපත්තු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.