Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පන්දු යවන්නන්ගෙන් කොදෙව්වන්ට පාඩමක්

පන්දු යවන්නන්ගෙන් කොදෙව්වන්ට පාඩමක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් විලී (07/4) සහ මාක් වුඞ් (09/3) පන්දු යැවීම හමුවේ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශාන්ත කිට්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේදී කඩුලු 8 ක ජයක් හිමිකරගත් එංගලන්තය තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙසද ජයගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 72 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 10.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ජොනී බෙයාර්ස්ටෝ පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර ඇලෙක්ස් හේල්ස් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 13 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 71 ක් පමණි. පිට පිට විස්සයි20 තරග 2 කදී ලකුණු 75 ට අඩුවෙන් දැවීගිය පළමු කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල වාර්තා පොත් අතරට එක්විය. මෙම තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 45 කට දැවී ගිය කොදෙව් කණ්ඩායම විස්සයි20 අන්තර්ජාතික තරග ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලබාගත් කණ්ඩායම බවට පත්විය.

පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 11 බැගින් ලබාගත්තද ඉන් ඔබ්බට යෑමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ඔවුන්ට හිමිනොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඬේවිඞ් විලී ඕවර 3 ක් යවමින් ලකුණු 7 කට බටහිර ඉන්දීය කොදෙව් මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනාම පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. ඬේවිඞ් විලීට අනගි සහයක් ලබාදුන් මාක් වුඞ් ඕවර 3 ක් යවමින් ලකුණු 09 කට කඩුලු 3 ක් සහ අදිල් රෂීඞ් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම විනාශ කර දැමීමට සමත්වූහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 13 කදී සියලුදෙනා දැවී 71
(
ඩේවිඩ් විලී 07/4, මාක් වුඞ් 09/3, අදිල් රෂීඞ් 18/2)

එංගලන්තය - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී 72
(ඇලෙක්ස් හේල්ස් 20, ජොනී බෙයාර්ස්ටෝ 37)

 

 


අදහස් (0)

පන්දු යවන්නන්ගෙන් කොදෙව්වන්ට පාඩමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.