Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හිදී පැවැත්වෙන තෙදින දිවා/රාත්‍රී පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා) රාත්‍රී ආහාරයෙන් පසුව ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. ඕස්ට්‍රේලියාවේ වේගවත් තණතීරු වලදී වැඩිපුර පන්දු යවමින් වේගපන්දු යවන්නන්ට තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් ඉනිම අත්හිටුවා පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට පිවිසියහ.
ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් රැස්කර සිටි අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 140 ක් පසුපසින් ශ්‍රී ලංකා පිල සිටියේය. ඒ වනවිට රොෂේන් සිල්වා ලකුණු 36 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 4 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ලකුණු 32 ක් රැස්කරසිටි දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කළ මානස් ලැබුස්චේන් ඉන් නොනැවති ලකුණු 14 ක් රැස්කර සිටි ධනංජය ද සිල්වාද පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 38 ක් එක්වන විටදී ළහිරු තිරිමාන්න (32) සහ සධීර සමරවික්‍රම (11) දවාගනිමින් පීඩනයක් ඇති කිරීමට ක්‍රිස් ට්‍රේමේන් සහ ස්කොට් බෝලන්ඞ් සමත්වූහ.
දිමුත් කරුණාරත්න ලකුණු 44 ක් රැස්කළ සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට ස්කොට් බෝලන්ඞ් සමත්විය. දිමුත් දැවීයන විට ළහිරු තිරිමාන්න සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 65 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබූණේය.
සවස තරගය ආරම්භවීමෙන් පසුව තේ පානය සඳහා තරගය නතර කරන තෙක් කාළය තුල ලකුණු 51 කට කඩුලු 2 ක් අහිමිකරගත් ශ්‍රී ලංකා පිල තේ පානයත් රාත්‍රී ආහාරයත් අතර කාලය තුල කඩුලු 3 ක් අහිමිකරගත්තත් ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85 ක් පමණි.
පළමු දිනය වූ ඊයේ ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටියදී කුසල් මෙන්ඩිස්ගේ අතෙහි මැණික්කටුව ප්‍රදේශයේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූ බැවින් අද දින පන්දුවට පහරදීම සඳහා නොපැමිණියේය. ලැබී ඇති ආරංචි වලට අනුව කුසල් මෙන්ඩිස්ගේ ආබාධය දරුණු නොවන අතර පළමු ටෙස්ට් තරගය සහභාගී කරවීම සඳහා ඔහුව විවේක ගන්වා ඇත.
අද රාත්‍රියේ වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දු පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 99 ක් රැස්කර සිටියේය. මෙ වනවිට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 239 ක් ඉදිරියෙන් සිටී.
මානස් ලැබුස්චේන් ලකුණු 33 ක් සහ කර්ටිස් පැටර්සන් ලකුණු 30 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට ඔව්හු සමත්ව සිටිති.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවන්ගේ ස්ථානය සඳහා මැතිව් රැන්ෂෝ සහ ජෝ බර්න්ස් අතර සටනක් පැවැතියද පුහුණු තරගයේ ඉනිම දෙකෙහිදීම ඔවුන් දෙදෙනාට ලකුණු අතරට පැමිණිමට අවස්ථාවක් හිමි නොවිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.